සදනි ෆර්නැන්ඩුගේ සහ ආදරණීය පෙම්වතා කවුද කියාලා නොකිවුව සදනී ගේ පෙම්වතා තමයි ඔබ කවුරුත් ආදරේ කරන

බොහෝදෙනෙක් වශී වෙලා හිටපු සදනිට දැන්නම් පෙම්වතෙක් ඉන්නවා කියලයි අපිටනම් ආරංචි උනේ. ඉතින් කාලයක් පෙම්වතා කවුද කියාලා නොකිවුව සදනී ගේ පෙම්වතා තමයි ඔබ කවුරුත් ආදරේ කරන සිරස සුපර්ස්ටාර් 7 වන අදියරේ ජයග්‍රාහකයා වුනු පියත් රාජපක්ෂ.නිරූපණ ක්ෂේත්‍රයට වගේම රංගන ක්ෂේත්‍රයටත් එක හා සමාන දක්ෂවතාවයක් තියන සුරූපී දක්ෂ රංගන ශිල්පිනියක් තමයි සදනි ෆර්නැන්ඩු කියන්නේ. සදනී වගේම ඔහුත් නිරහංකාර චරිතයක්. ඔහුගේ ගීතයකට සම්බන්ද වෙන්න ගිහින්ලු සදනිට පියත්ව හමුවෙන්නේ ඉතින් මේ වෙද්දීත් ලංකාවේ නවක නිලියන් කිසිම කෙනෙක්ට නැති සුන්දර ශරීරයක් හිමි සදනිගේ ජීවිතය ගැන වගේම මේ දවස් වල කියන කරන දේවල් ගැන ඇය අපිට කියන්නේ මේ වගේ කතාවක්. පුංචි කාලේ අම්මා කියන විදිහට මට පුදුම දහන්ගලයක් තිබිලා තියනවා. නමුත් දවසින් දවස මම මුහුකුරා එනකොට බොහොම නිහඩ චරිතයක් බවට පත් වෙලා. මන් දිහා බලන සමහරු මගේ නිහඩ බව නිසාම මම මහා ගුප්ත කෙනෙක් කියලත් කියනවා. නමුත් මම ගුප්ත නැහැ. ක්ෂේත්‍රයට ආපු දවසේ ඉදලාම බොහොම ඉවසීමෙන් මම ඒ දිහා බලාගෙන ඉන්නවා. හොඳින් අධ්‍යනය කරනවා. මම රංගනය පැත්තට යොමු වෙනකොට ගෙදරින් ලොකු සහයෝගයක් ලැබුණා. ඉතින් ඒ නිසාම වෙන්න ඇති මම ඉස්සරහට තල්ලු වුනේ. මුලින්ම කැමරාවට මුහුණ දුන්න දවස තාමත් මතකයි. හාරකෝටියේ රශ්මිගේ චරිතය. රශ්මි නැටුම් පන්තියේ ඉන්නවා තමයි මුලින්ම රූප ගත කලේ. කොහොම වුනත් මුලින්ම මෙය ආගන්තුක බවක් ගෙන ආවත් ඉතා ඉක්මනින්ම චරිතයට හුරු වෙන්න අවස්ථාව මට ලැබුණේ මගේ කැප වීම නිසා. ඉතින් ඊට පස්සේ රංගනය ඉගෙන ගන්න ඕනේ කියන එක මට දැනුනා මොකද වෘත්තියක් හැටියට මම රංගනය තෝරා ගන්නවානම් ඒ ගැන දැනුවත් වීම හරිම වැදගත් නිසා. රගපාපු හැම අවස්ථාවකම මට දශමයක් හරි උඩට යන්න අවසථාව ලැබුණා. ඒ හැමවෙලාවෙම මට හිතුනේ මම ඉපදිලා තියන්නේ කලාව වෙනුවෙන්මයි කියලා. අග්ණි පියාපත් හි මාධවී කියන්නේ මගේ පස්වෙනි චරිතය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top