ඊශ්‍රායල ගාසා ගැටුම්: බයිඩන්ගෙන් ඊශ්‍රායල සහ පලතීන නායකයන්ට ඇමතුම්

ගාසා හි පලස්තීනුවන් හා පවතින ගැටුම් හත් වෙනි දිනටත් ඇවිල යද්දී රොකට් ප්‍රහාර වෙත “නොනවත්වා තදින් ප්‍රතිචාර දක්වන” බවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නේතන්යාහු දැඩි ප්‍රතිඥාවක් දී තිබේ.

ඉරිදා (මැයි 16) උදෑසන ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ තිදෙනෙකුවත් මරණයට පත්ව ඇති බව සෞඛ්‍ය බලධාරීහු පැවසූහ.

පලස්තීන සටන්කරුවන් ටෙල් අවිව් දෙසට රොකට් ප්‍රහාර එල්ල කිරීම හමුවේ එහි වෙසෙන ජනයාට ආරක්ෂක ස්ථාන වෙත පළා යාමට සිදුව ඇත.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඉරිදා පස්වරුවේ රැස්වීමට නියමිතය.

ඊශ්‍රායලය සහ පලස්තීනුවන් අතර ගැටුම් තවදුරටත් ඉදිරියට යමින් තිබියදී එම තත්ත්වය යම්තාක් දුරකට සමනය කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජනපද නියෝජිතයෙකු සෙනසුරාදා (මැයි 15) ටෙල් අවිව් නගරයට ලඟා විය.

ඊශ්‍රායල, පලස්තීන සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් සමග සාකච්ඡාවල නිරත වන හාඩි අමර්, එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකයන් පවසන පරිදි “තිරසාර සන්සුන් බවක” අවශ්‍යතාව අවධාරණය කරයි.

සෙනසුරාදා සිදු වූයේ කුමක්ද?

සෙනසුරාදා (මැයි 15) ගාසා තීරයේ සරණාගත කඳවුරක් මතට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල වීමෙන් පුද්ගලයන් 10 දෙනෙකු මරණයට පත් වූ අතර පලස්තීන රොකට් ප්‍රහාරයකින් ඊශ්‍රායලයේ එක් අයෙකු මරණයට පත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top