ශී‍්‍ර ලංකා දඟ පන්දු පුහුණුකරු ධුරය සජීව වීරකෝන්ට

බංග්ලාදේශය සමගින් පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ලෙස ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හිටපු කී‍්‍රඩක සජීව වීරකෝන් පත්කර තිබේ. මෙම ධුරය ශී‍්‍ර ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය සඳහා පමණක් බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කියා සිටී.

43 වැනි වියේ පසුවන සජීව වීරකෝන් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින තරග දෙකක් පමණක් කී‍්‍රඩා කර තිබේ. ඊට අමතරව පළමු පෙළ තරග 192ක් කී‍්‍රඩා කර ඇති සජීව වීරකෝන් එහිදී කඩුලූ 816ක් දවා ගැනීමට සමත්වී තිබේ.

2018 වසරේදී අවසන් වරට ශී‍්‍ර ලංකා පළමු පෙළ කි‍්‍රකට් තරගයක් කී‍්‍රඩා කළ සජීව වීරකෝන දඟ පන්දු පහුණුකරුවකු ලෙස මේ වන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමගින් පුහුණු සැසි කිහිපයක් පවත්වා තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top