ඉන්දියාවේ තුනෙන් දෙකකට කොවිඩ්

ඉන්දියාවේ පෞද්ගලික රසායනාගාර ජාලයක් වන ‘තයිරෝකෙයා’ රසායනාගාර ජාලය මේ බව වාර්තා කර ඇත.

මෙම අධ්‍යයනයට සම්බන්ධ කරගත් පුද්ගලයන්ගේ ශරීරවල ඉකුත් සතියක කාලයේ දී පැවැති ප්‍රතිදේහවල සාමාන්‍ය අගය සියයට 63.5ක් බව එයින් අනාවරණය වී තිබේ.

මීට මාසයකට පෙර එම අගය සියයට 45ක අගයක තිබී ඇත. ඒ අනුව ඉන්දීය ජනගහයෙන් සැලකිය යුතු පිරිසක් නව කොරෝනා වයිරස නිරාවරණය වී ඇති බවත් ඉන්පසුව ඔවුන්ගේ ශරීරවල ප්‍රතිදේහ නිර්මාණය වී ඇති බවත් මෙමඟින් පෙනී යන බව විශේෂඥයෝ සඳහන් කරති.

පසුගිය දින කිහිපයේදී ඉන්දියාවෙන් වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අඩු වුව ද දෛනිකව වාර්තා වන මරණ ගණන අඩු නොවීය. දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන පසුගිය දිනවල අඩු වුව ද වයිරසයේ උච්ඡතම අවධියට පැමිණ ඇති බව තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බව සෞඛ්‍ය විශේෂඥයෝ ප්‍රකාශ කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top