චීනය පිට කරන හරිතාගාර වායු ප්‍රමාණය (කාබන් විමෝචනය) ලෝකයේ සියලුම සංවර්ධිත රටවල් ඒකාබද්ධව පිට කරන හරිතාගාර වායු ප්‍රමාණයට වඩා වැඩි යැයි නවතම වාර්තාවකින් අනාවරණය වී ඇත.
රෝඩියම් කණ්ඩායම සිදු කරන ලද පර්යේෂණයකට අනුව ලෝකය පිට කරන ලද හරිතාගාර වායු ප්‍රමාණයෙන් සියයට 27ක් නිකුත් කර ඇත්තේ චීනය යි.
රෝඩියම් පර්යේෂණ ආයතනයට අනුව ඇමෙරිකාව පිට කර ඇති හරිතාගාර වායු ප්‍රමාණය සියයට 11 කි. එහි තෙවැනි තැන සිටින්නේ ඉන්දියාව යි. ඉන්දියාව නිකුත් කර ඇති හරිතාගාර වායු ප්‍රමාණය සියයට 6.6කි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ චීනයේ එකඟතාවයකින් යුතුව දේශගුණික විපර්යාස වැළැක්වීම අපහසු යැයි විද්‍යාඥයෝ අනතුරු අඟවති.