කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ අවදානම් කළාපයන්හි කොවිඩ් එන්නත ලබා දීම අද (27) ආරම්භ කෙරිණ.
දැඩි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබූ හබරාදුව, ගාල්ල කඩවත් සතර, අම්බලන්ගොඩ, රත්ගම හා හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස, එන්නත් කිරීම සඳහා ප්‍රථමයෙන් තෝරාගෙන ඇත.
ඒ අනුව ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මඩපාතල ග්‍රාම නිලධාරී වසමේ ජනතාවට එන්නත් ලබා දීම පරමානන්ද රජමහ විහාරයේදී (අටපට්ටම් විහාරය) සිදුකෙරුනු ආකාරය ඡායාරූපයේ දැක්වේ.
ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවීර මහත්මිය ඇතුළු නිළධාරින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
–
From dinamina.lk
(කරාපිටිය සමූහ – එස්. ලොකුකරවිට)