කොවිඩ් වැළදී මහමඟ දමාගොස් සිටි මහලු යුවළට දැන් සුවයි.. බාර ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් වී නෑ..

කොවිඩ් 19 හේතුවෙන් අසල්වැසි ඉන්දියාවේ රෝගීන් මහමඟ මිය යද්දී කොවිඩ් ආසාධිතව අපේ රටේ මහ මඟ දමා ගොස් සිටි වයෝවෘද්ධ යුවළක් රෝහල් ගත කර සුව කළ පුවතක් අයි ඩී එච් රෝහලේ වාර්තා වනවා.

මීට සතියකට පමණ පෙර දී මෙම මහලු යුවල වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහමග දමාගොස් තිබුණා. ප්‍රදේශවාසින් කියා සිටියේ මෙම යුවලගේ පුතා විසින් මෙලෙස මෙම මහලු යුවල මඟ දමා ගිය බවයි.

ඇවිද ගැනීමට පවා නොහැකිව ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් සිටි එම යුවළට ඒ අසල සිටි පිරිස් වරින් වර උදවු උපකාර කර තිබෙනවා.

නමුත් දිනෙන් දින ඔවුන්ගේ රෝගී තත්ත්වය උත්සන්න වුයේ මෙම වයසට ලැබියම යුතු නිසි සැලකිල්ල සහ අවධානය නොමැති කමින්.

කෙසේ වෙතත් මේ යුවලට කොරෝනා ආසාදිත වී ඇති බව ගොතටුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පසුව හඳුනා ගැනෙනවා.

ඒ අනුවයි ඔවුන් මැදිහත්ව මහමග වැටී සිටි මෙම යුවළ අයි ඩී එච් රෝහල වෙත භාර දීමට කටයුතු කරන්නේ.

අයි. ඩී. එච්. රෝහලේ දී ලැබෙන ප්‍රතිකාර සහ කරුණාව හමුවේ ඔවුන් දෙදෙනා පූර්ණ සුවය ලබනවා. කෙසේ වෙතත් සුවය ලැබූ ඔවුන් දෙදෙනා බාර ගැනීමට කිසිවකුත් ඉදිරිපත් වී නැහැ.

මේ හේතුවෙන් ඒම මහලු කාන්තාව කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සත්කාර නිලධාරි හරහා කළුතර ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයකට භාර දීමට කටයුතු කළා.

සුවය ලැබූ වයසක පියාට යම් මානසික ආබාධයක් ඇති බව හෙළිවීම නිසා ඔහු අංගොඩ රෝහල වෙත භාරදී තිබෙනවා. ඔහුගේ මානසික ආබාධය සුව වීමෙන් අනතුරුව එම මහලු පියාත් කලුතර වැඩිහිටි නිවාසයටම භාර දීමටයි සෞඛ්‍ය නිලධාරීන් තීරණය කර ඇත්තේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top