එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් එළඹෙන 23 වනදා ශ්‍රී ලංකාව සමග ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස තරගාවලියෙන් පසු එක්දින තරගාවලියේ සිට නැවතත් ක්‍රීඩා කීරීමට ඉඩ ඇති බව වාර්තා වේ.
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කල ස්ටෝක්ස් පුහුණුවීම් අතර තුල ඇගිල්ලේ ආබාධයකට අප්‍රේල් මාසයේදි ලක් වු අතර ඒ හෙතුවෙන් ඔහු අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් වුයේය. ඉන් පසු ඇගිල්ලේ ශල්‍යකර්මයක් සදහා යොමු වු ස්ටෝක්ස්ට ජුනි මස මුලදි පැවැත්වීමට නියමිත නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි.
නමුත් මේ දිනවල ආබාධ තත්වය සුව වීම හේතුවෙන් බෙන් ස්ටෝක්ස් නැවතත් සිය පුහුණුවීම් ආරම්භ කොට ඇති අතර ශ්‍රි ලංකාව සමග විස්සයි විස්ස තරගාවලියෙන් පසු එක්දින තරගාවලියේ සිට නැවතත් ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩාවේ නිරත වීමට සිටින බව වාර්තා වේ