ක්‍රීඩා මාධ්‍යවේදී දනුෂ්ක අරවින්ද මහතා සමග පැවති විශේෂ වැඩසටහනකදී ශ්‍රී ලංකා සුපිරි පිත්කරු භානුක රාජපක්ෂ විශේෂ හෙළිදරව් කිරීම් කිහිපයක්ම සිදු කලා. ඔහු පවසන්නේ තෝරාගත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට හැරෙන්න අනිත් ක්‍රීඩකයන්ට කිසිදු සැලකීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදු නොකරන බවයි . අවම වශයෙන් දුරකථන අමතුමකටවත් තමාට පිළිතුරු නොලැබුණු බව ඔහු සඳහන් කර සිටියා.
එම වැඩසටහනේදී භානුක රාජපක්ෂ දැක්වූ අදහස් කිහිපයක්..
“මගේ වයස දැන් වයස 29 ක්. ඉස්සර මට කිව්වා සෙල්ලම් කරන්න තරම් මගේ වයස මදි කියලා. දැන් වයස වැඩිද කියන්න දන්නේ නෑ. එයාල මට කතා කලේ නෑ,
බංග්ලාදේශයට ගිය කණ්ඩායම තරුණ කණ්ඩායමක් කීවට අශේන් මල්ලි පැතුම් මල්ලි තමයි තරුණ. අනිත් හැමෝම අත්දැකීම් තියෙන තරග ක්‍රීඩා කරල තියෙන ක්‍රීඩකයින්.
මම T20 එක තරගයක් විතරයි ෆේල් උනේ. මම සෙල්ලම් කරපු ඉනීන්ස් 6 බැට් කලේ පොසිශන්ස් 4 ක.
ෆේල් උන ඉනීමේ මිකී ආතර් කීවේ ගල්වුස් එක අතේ තියාගෙන දිව්වා කිසිම කමිට්මන්ට් එකක් නෑ කියලා.
ලීග් ගොඩකින් සෙල්ලම් කරන්න ආරාධනා ආවත් මට යන්න දුන්නේ නෑ, ලංකාවේ සීරීස් ගහන්න තියෙනවා කියලා.
අන්තිමට ඒවා මට දුන්නෙ නෑ ස්කින් ෆෝල්ඩ් එක වැඩී කියලා. මම ඒකත් වල්ඩ් කප් එකට කලින් හදාගන්නවා.
මට මෙච්චර අසාධාරණයක් වෙන්න හේතුව අහන්න මම වතාවක් ඇෂ්ලි ද සිල්වාව හමුවෙන්න appointment එකක් දැම්මා, ඒත් මට ඔහුව හමුවෙන්නවත් ලැබුනේ නෑ.
එයාලා කියන්නෙ ඕනම කෙනෙක්ට ඕනම වෙලාවක කතා කරන්න පුලුවන් කියලා ඒත් මම ගන්න කෝල්ස් එකක්වත් එයාලා Answer කරන්නෙ නෑ. ඒකට හේතුව මම දන්නෙ නෑ
පොඩි කාලේ ඉඳන් මගේ ඇඟේ තිබුනෙ ක්‍රිකට් මට ලංකාවට සෙල්ලන් කරන්න සත පහක්වත් ඕන නෑ, දැන් තියෙන්නෙ ප්‍රොෆෙශනල් ක්‍රිකට් අනිවාර්යයෙන්ම ක්‍රිඩකයෙක්ට ක්‍රන්ටෑක් එකක් තියෙන්නම ඕනි. මට ඒකත් අහිමි වෙලා.
ලංකාව කියන්නේ මගේ රට. මම ලංකාවට ගහන්න තවමත් ආසයි.
අපි වරදක් නොකරම අපිව ක්‍රිකට් වලින් එලියට දාලා, මට මේ ගැන කලකිරීමක් තියෙනවා.”