ඔබත් මේ දවස්වල ඉන්ටර්නෙට් ස්ලෝව් හින්දා දුක් විඳින කෙනෙක්ද? ඒ ඇයි කියලා හේතුව දන්නවද?

කොළඹ ,ගම්පහ වගේ නගරබද ප්‍රදේශ වල මේ ප්‍රශ්ණෙ ටිකක් වැඩියි. අනිත් පැතිවලත් නැත්තෙම නෑ. ඒකට හේතුව තමා මේ දවස්වල කොරෝනා ප්‍රශ්ණය නිසා ගොඩක් ප්‍රදේශවල ආයතන වහලා තියෙන්නෙ. සමහරු ඔෆිස් වැඩ කරන්නෙ ගෙදර ඉඳලා ඉන්ටර්නෙට් එකෙන්.

තව සමහරු අධ්‍යාපන ලබන්නෙ Soom, Microsoft Teams වගේ මෘදුකාංග භාවිත කරලා. ඒ අස්සෙ ගෙදරටම වෙලා ඉන්න කම්මැලි නිසා අපි වගේ ගොඩක් අය නිතරම යූටියුබ්, ෆේස්බුක් වගේ තියන හැම එකටම ලොග් වෙනවා. ඒ අස්සෙ සමහරු ෆෝන් එකෙන්, විතරක් නෙවේ, ගෙදර තියන ලැප් එකෙනුත් ඔන්ලයින් එනවා.මේ හැමදේත් එක්කම ඉස්සර තිබ්බට වඩා ඉන්ටර්නෙට් යන ප්‍රමාණය ඉතාම වැඩියි.

සාමාන්‍යයෙන් ඔය නෙට්වර්ක් වල තියන ඇන්ටනා වලින් ඉන්ටර්නෙට් ලොග් වෙන අපි වගේ පරිශීලකයින්ට සේවාව සපයන්න පුලුවන් ප්‍රමාණයක් තියෙනවා. මේ දවස්වල පරිශීලකයින්ගෙ ඉල්ලුම ඉතා වැඩි නිසා ඒ ඇන්ටනා වලට දරන්න පුලුවන් ප්‍රමාණය ඉක්මවා ගිහිල්ලා තියෙන්නෙ.ඒ නිසා ඒ ඇන්ටනා පුලුවන් තරම් කරන්නෙ ඉන්ටර්නෙට් යන ස්පීඩ් එක අඩු කරලා පරිශීලකයින් වැඩි ප්‍රමාණයකට අවස්ථාව දෙන්න බලන එක.

අනිත් එක තමා මේ ප්‍රශ්ණයට වැඩිපුරම මුහුණදෙන්නෙ ඩයලොග්, මොබිටෙල් පාරිභෝගිකයො. හේතුව ඔවුන්ගෙ User ලා හෙවත් පරිශීලකයින් ප්‍රමාණය ඉතා වැඩියි. හච්, එයාර්ටෙල් වලට තියන ඇන්ටනා ප්‍රමාණය ඉතා අඩු වුනත් මේ වෙලාවෙ ඔවුන්ට අර තරම්ම දැනෙන්නෙ නෑ. හේතුව හච්, එයාර්ටෙල් භාවිතා කරන පරිශීලකයින් ප්‍රමාණය ඉතාම අඩු වීමයි.

ඒක නිකන් හරියට හම්බන්තොටයි කොළඹයි පාරවල් 2 ක් වගේ.හම්බන්තොට පාර කොච්චර පටු වුනත් පැයට කිලෝමීටර 80,90ට යන්න පුලුවන්.හැබැයි කොළඹ බේස්ලයින් වගේ පාරක මන්තීරු කීයක් තිබ්බත් ට්‍රැෆික් වෙලාවට පැයට කිලෝමීටර 3,4කට වඩා යන්න බෑ.

දැන් කෙනෙකුට ප්‍රශ්ණයක් එන්න පුලුවන් ඇයි නෙට්වර්ක් වලට බැරි පරිශීලකයින්ගෙ ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්න කියලා. ඔව් ඇත්ත.. හැබැයි ඒකට හේතුව මේ වගේ තත්ත්වයක් උදාවුනේ ඉතිහාසයෙ පළවෙනි වතාවට කියලා අමතක කරන්න එපා. රටම ඉන්ටර්නෙට් එකෙන් වැඩකරන කාලයක් මීට කලින් තිබ්බෙ නෑ. ඉස්සරහට මේ තත්ත්වය තවත් වැඩිවෙයි. ඒ නිසා ඉස්සරහට ඩයලොග් මොබිටෙල්, හච්, එයාර්ටෙල් වගේ සියලුම නෙට්වර්ක් වලට ලොකු අභියෝගයක් තියෙනවා පරිශීලකයින්ගෙ ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්න. එහෙම නැති වුනොත් ඔවුන්ගෙ පැවැත්ම අවිනිශ්චිත වෙනවා.

හැබැයි ඉතින් මේ වගේ හදිසි තත්තවයකදි එකපාරටම මේ ප්‍රශ්ණය ගොඩදාන්න ඒ නෙට්වර්ක් කොම්පැනි වලට බෑ. ඒකට හේතුව ගොඩක් ඇන්ටනා හා ඊට අදාළ අනෙකුත් උපකරණ ගෙන්නන්න ඕන වෙන රටවලින්. මේ දවස්වල කොරෝනා ප්‍රශ්ණය නිසා මුළු ලෝකයම එකතැනක හිරවෙලා තියෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඒ නිසා ඒ උපකරණ ලංකාවට ගෙනල්ලා මේ තත්ත්වය යථා තත්ත්වයට පත් කරන්න පොඩි කාලයක් ගතවෙයි.

කොහොම වුනත් මේ තත්වය උඩ පාරිභෝගියකයො විදියට අපිට තරහා යන එක සාධාරණයයි. නමුත් ඉතින් මේ වෙලාවෙ වෙන කරන්න දෙයක් නෑ. අපි පුලුවන් තරම් පීක් ටයිම් එකේ අනවශ්‍ය දේවල් බාගන්න නොයනවනම් ගොඩක් හොඳයි. ඒක ඉන්ටර්නෙට් මේ වෙලාව් අත්‍යාවශ්‍යම අයට අපි කරන උදව්වක් කියලා හිතන්න.

තව දෙයක් තමා සමහර රවුටර් වලට සිග්නල් එනවා ගොඩක් අඩුයි. ඒකට හේතුව අදාළ නෙට්වර්ක් එකේ ප්‍රශ්ණයක් නොවෙන්නත් පුලුවන්. සමහරවිට රවුටරේ තියලා තියන තැනේ අවුලක් වෙන්නත් පුලුවන්. රවුටර් වලට එහෙම සිග්නල් අවුල් යන්න විවිධ හේතු බලපානවා. ඒ හේතු මොනවද තියෙන්නෙ ගූගල් සර්ච් කරලා බැලුවොත් හොයාගන්න පුලුවන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top