ලංකා මුදුහු සීමාවේදී ගිනිගෙන විනාශ වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් මුහුදට පෙරළුණු බහලුවලින් වෙරළ ගොඩගැසූ අපද්‍රව්‍ය ටොන් 1000 (කිලෝ ලක්‍ෂ 10) පමණ මේ වන විට එකතු කර ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා පැවසීය.
මෙම අපද්‍රව්‍යවලින් වැඩි තොගයක් කන්ටේනර් 41 ක් තුළ වත්තල ප්‍රදේශයේ බලපත්‍ර සහිත කන්ටේනර් අංගනයක තාවකාලිකව ගබඩා කර ඇති බවත් තවත් කොටසක් මළුවල අසුරා වෙරළ තීරයේ ඇති බවත් හේමන්ත ජයසිංහ මහතා පැවසීය.
වෙරළ තීරයේ ගොඩගසා ඇති අපද්‍රව්‍ය තොගය හෙට (10) සිට කන්ටේනර් අංගනයට ගෙන ඒම ආරම්භ කරන බවත් ඉන් අනතුරුව අපද්‍රව්‍ය පමණක් වෙන්කරගත යුතු බවත් හේමන්ත ජයසිංහ මහතා පැවසීය.