වසර 9 කට පෙර තැබූ ට්විටර් සටහන් නිසා ඔලී රොබින්සන්ට සියලු ජාත්‍යන්තර තරඟ තහනම් වෙයි..

මේ වනවිට පැවැත්වෙන එංගලන්ත – නවසීලන්ත ටෙස්ට් තරඟාවලියට ක්‍රීඩා කරමින් සිටින එංගලන්ත ක්‍රීඩක ඔලී රොබින්සන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර තරඟ තහනමක් පනවා තියෙනවා. ඒ මීට වසර 9 කට පෙර තම ට්විටර් ගිණුමේ තබා තිබූ ජා තිවාදී සහ ලිං ගික භේ දය ඇතිවෙන ට්විටර් සටහන් කිහිපයක් නිසාවෙන්. මේ වන විට ඔලීට එරෙහිව වි නය පරීක්ෂණයක් පැවත්වෙන බවට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක්ද නිකුත් කොට ඇත.

නිමාවූ එංගලන්ත – නවසීලන්ත ටෙස්ට් තරඟයේදී, සිය මංගල තරඟයට ක්‍රීඩා කළ ඔලී රොබින්සන් පළමු ඉනිමේදී කඩුළු 04 ක් සහ පිත්තෙන් ලකුණු 42 ක්ද, දෙවන ඉනිමේදී කඩුළු 03 ක් ද ලබා ගන්නා ලදි. කෙසේ නමුත් මේ වන විට මෙම තීරණය සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් විවේචනාත්මක අදහස් දක්වමින් සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top