වස්ති තඩියා එහෙමත් නැත්නම් දුලාජ් ජයතිලක පහුගිය දවසක විවාහ වුනා මතක ඇතිනෙ.ඔහුගෙ ගෙ ආදරවන්තිය වුනේ ජයනි.දෙන්නගෙ ආදරය දිනල ඉස්සරහට යනකොට දෙන්නට දෙන්නා ඒක විශ්වාසයෙක් ජයගත්ත කියලයි දුලාජ් කියන්නෙ.ඒ වගේම සුදු අම්මියා කියල කැප්ෂන් කරලයි දුලාජ් ඇයව හදුන්වන්නෙත්. වසර කිහිපයකට පෙර ආරම්භය වෙච්ච වස්ති ප්‍රඩක්ෂන් එකේ දුලාජ් තමන්ගෙ යාළුව අනූජ් මෙි දෙන්නගෙ හොද එකතුවක් විදියටයි හැමෝම දකින්නෙ.මෙි වෙද්දි යූ ටියුබ් එකේ මිලියනයකට එහා ගිය රසික පිරිස නිසාම ඔවුන් තවත් හොද වීඩියෝ ඉදිරිපත්කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවලු.ඒ වගේම විවාහයට පස්සෙ දුලාජ් වස්තිලත් එක්ක කරපු මුල්ම වැඩෙත් ලයිට් උපාලි.ඒකෙ දුලාජ් හිටියෙ මහ රජ චරිතයට. දුලාජ්ගෙ බිරිද ජයනි ඔහුගෙ දේවල් වලට හොද රසිකාවියක් විදියට නිතර නරඔනව කියලයි දුලාජ් නම් කියන්නෙ.වස්ති සාර්ථකත්වයට ඒකේ පිරිසගෙන් ලැබෙන දායකත්වය ඉතා වැඩි බවත් කියනව.දුලාජ්ගෙ විවාහය දවසෙ පලවෙච්ච පින්තූර වල පවා දකින්න ලැබුනෙ වස්ති මිතුරා අනුෂ්ක ,ඔහුගෙ විවාහය නිසා සතුටින් සිටින ආකාරය
” ජයනි කියන්නෙ විවාහය තුල ලැබිච්ච හොද සහකාරියක් විදියටයි මම දකින්නෙ.අපි සහයෝගයෙන් ඉදිරියට යනව” කවදත් වැඩි කතාවක් නැති දුලාජ් ඒ විදියට කියනව. වස්ති ආරම්භයේ ඉදන් අනුෂ්ක තමන්ගෙ මිතුරා දුලාජ්ව හැදින්නුවෙ තඩියා විදියටනෙ.ඒ හින්දම වස්ති රසිකයන් පවා දුලාජ්ව හදුන්වන්නෙ තඩියා විදියටයි.දුලාජ් නම් කියන්නෙ තමන්ට තඩියා කියන එකට ගොඩක් කැමතියි කියලයි. ඒක දැන් මට පුරුද්දක් වෙලා තියෙනවා.මග තොටෙිදි නාදුනන අයත් මට කියන්නෙ තඩියා කියල.කවුද හිතන්නෙ ඉස්කෝලෙ කාලෙ හැදිච්ච නම තවමත් පාවිච්චි කරයි කියල අනුෂ්කත් කියන විදියට වස්තාලෙ ඉස්සරහට අරගෙන යන්න තඩියා ලොකු සහයක් දෙනවලු.කොහොම වුනත් දුලාජ් විවාහයට පස්සෙ ජයනි එක්ක කරපු ලස්සන පින්තූර කිහිපයක් වස්තිලා තමන්ගෙ පිටුවෙ පලකරල තිබුනා. දුලාජ් ,ජයනි දෙන්නටම විවාහ ජීවිතය ලස්සන වෙන්න කියල රසිකයන්ගෙ සුභ පැතුම හැම පැත්තෙන්ම දකින්න ලැබුන. Wedding Pre Shoot of Dulaj & Jayani Photography by Dark Room