කෘත්‍රිම කෘමිනාශක භාවිතය තහනම් කළ යුතුද යන්න සම්බන්ධයෙන් ජනතාවගේ අදහස් විමසමින් ස්විට්සර්ලන්තය ජනමත විචාරණයක් පැවැත්වීමට සූදානම් වේ. ජනතාව එකඟ වුවහොත් ඉදිරි වසර 10ක කාලය තුළ මෙම කෘමි නාශක භාවිතය තහනම් කෙරෙනු ඇති බව සඳහන්ය.
කෘත්‍රිම කෘමි නාශක භාවිත කරන ගොවීන්ට ලබා දෙන සහන අත්හිටුවීමේ යෝජනාවක්ද ඉදිරිපත්ව තිබේ. මෙවැනි කෘමිනාශක භාවිතය නිසා සිදුවන ජල දූෂණය, භෝගවලට, සතුන්ට සිදුවන හානි පිලිබඳව කාලයක සිටම ස්විට්සර්ලන්තය තුළ කතිකාවක් පැවතිණි. කෙසේ වෙතත් මෙම තීරණය ක්‍රියාත්මක වුවහොත් තමුන් බොහෝ දෙනෙකුට සිය ජීවිකාවන් අහිමි වනු ඇති බවට ගොවීන් ගෙන් චෝදනා ඉදිරිපත්ව තිබෙනුද දැකිය හැකිය.
ස්විට්සර්ලන්තය මෙවැනි ප්‍රධාන මට්ටමේ තීරණ ගැනීමේදී නිතරම ජනමත විචාරණ පැවැත්වීම සම්ප්‍රදායකි. තවත් කාරණා කිහිපයක් සම්බන්ධයෙන්ද මෙම ජනමත විචාරණයේදී ජනතා අදහස් විමසනු ඇති බව සඳහන්ය. ඒ, ත්‍රස්ත විරෝධී නීති, ෆොසිල ඉන්ධන සඳහා බදු, කොවිඩ්-19 මර්දනය සඳහා අරමුදල් යන කාරණාවලට අදාළවය. ස්විට්සර්ලන්තය කෘත්‍රිම කෘමිනාශක භාවිතය තහනම් කළහොත් එය මෙවැනි පියවරක් ගත් දෙවැනි රට බවට පත් වනු ඇත. අනෙක් රට වනුයේ භූතානයයි.
2013 වසරේ භූතානයද මෙවැනි තහනමක් ක්‍රියාත්මක කළේය. ස්විට්සර්ලන්තය මෙම තහනම ක්‍රියාත්මක කළහොත් එය වෙනත් රටවලටද යම් බලපෑමක් කරනු ඇති බවට අදහස් පළ වේ. මන්ද යත් එරට ලෝකයේ කෘමි නාශක නිශ්පාදනය කරන ප්‍රධානම රටක් වන බැවිනි.