nadeeka

සහෝදර මාධ්‍යවේදීන් යැයි කියා ගනිමින් දිය රෙද්දෙන් බෙල්ල කැපුවා.. නදීක සියල්ල හෙළි කරයි..

පුද්ගලයෙකු තමන්ගේ සේවා ස්ථානයට අසීමිත ලෙස ආදරය කරල , දීර්ඝ කාලයක් එම ස්ථානය වෙනුවෙන් කැපවෙලා, හදිසියේම එම ස්ථානයෙන් නික්ම යනවා නම් ඇත්තටම ඒ ඇයි කියල අහන්න අපි දෙපාරක් හිතන්නේ නෑ. ඉතින් ඒ ප්‍රශ්නය මෑතකදී අපිට අහන්න හිතෙනම කෙනෙක් තමයි ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති නිවේදක නදීක කරුණානායක.

ඇත්තටම මෙච්චර කාලයක් සේවය කරපු තැනින් ඔබ ගියේ ඇයි. බොහෝ දෙනෙක් අහපු ප්‍රශ්නයක් ඒක. වැඩි වැටුපක් නිසා වෙනත් තැනකට ගියාද? නැතිනම් වෙනත්ම කාරණයක් නිසාද? මෙන්න මෙහෙම තිබ්බ ප්‍රශ්න ගොඩකට උත්තරයක් විදියට නදීක කරුණානායක විසින් මෙහෙම පැහැදිලි කිරීමක් කරල තිබුණ.

“වසර 17ක් තිස්සේ ප්‍රවෘත්ති නිවේදකයෙකු ලෙස සේවය කල රූපවාහිනි නාලිකවට සමුදීමට සිදුවීම පිටුපස ඇති හේතුව ඔබ සැම මගෙන් විමසන්නේ මට ආදරය කල නිසා බව දනිමි. ප්‍රේක්ශක ආදරයට පිටුපා එම කතාව සඟවන්නට නොහැකිය. මට සහ හරීන්ද්‍රට සමුදීමට සිදු වූයේ සහෝදර මාධ්‍ය සගයින් යැයි කියා ගනිමින් දිය රෙද්දෙන් උවද බෙ ල්ල කප න්නට හපන් චරිත දෙකක් හා ඔවුන් විදේශයේ සිට මෙහෙයවන වර්තමාන ලයිකා කළමණාකාරීත්වය හේතුවෙනි.

විදෙස් රටක සිට සමාගම මෙහෙයවන්නන් ගැන මට පුදුම නැත. ඒ අය ගැනත් හරි තොරතුරු සහ පසුගිය කාලය තුල ඔවුන් කල දෑ සමාජගත කිරීම රටට,ජාතියට,ආගමට ආදරය කරන මාධ්‍යවේදියකු ලෙස මගේ යුතුකමක් සේ සලකා ඉදිරියේදී ඒ ගැනත් රටට හෙලි කරන්නට මා සූදානම්.

අවසන මෑතකදී වෙනත් නාලිකාවක සිට පැමිණ බොරු ප්‍රතිරූප මවා සිටින සගයින් යැයි හඳුන්වාගත් දෙදෙනාටම මම අනුකම්පා කරමි. නමුත් ඔබ ඔබේ වැටුප වෙනුවෙන් තවත් කීදෙනෙකුගේ රැකියා අහිමි කිරීමට සූදානම් දැයි මම නොදනිමි. බුදු දහමේ ඉගැන්වෙන කර්මය මම තදින් විශ්වාස කරමි. සඟවා සිටින වෙස් මුහුණු ඉක්මනින් ගැලවෙනු ඇත.”

ඔව් මේකත් තවම අපිට හරස්පද ප්‍රහෙලිකාවක් තමයි. නමුත්, එම ප්‍රහෙලිකාව නදීක විසින්ම විසඳනතුරු අපි බලා සිටිමු.

Nadeeka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top