ටෝකියෝ 2020 ඔලිම්පික් උළෙල පේ‍්‍රක්ෂකයන්ට දොර වැසෙයි

ඉතිහාසයේ ප‍්‍රථම වරට ඔලිම්පික් කී‍්‍රඩා උළෙලක් පේ‍්‍රක්ෂකයන්ගෙන් තොරව පවත්වාගෙන යෑමට ටොකියෝ 2020 ඔලිම්පික් උළෙලේදී තීරණය කර ඇත.

ජපානයේ රෝගීන් වාර්තා වීම දිනෙන් දින ඉහළ යෑම සහ එරට හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කිරීමත් සමග ටෝකියෝ ඔලිම්පික් උළෙල පේ‍්‍රක්ෂකයින්ගෙන් තොරව පවත්වා ගෙන යෑමට එරට බලධාරීන් තීරණය කර ඇත.

කොවිඞ් අවදානම හමුවේ උපරිම වශයෙන් පේ‍්‍රක්ෂකයින් 10000කගේ සහභාගිත්වය ඇතිව ඔලිම්පික් උළෙල පැවැත්වීමට සංවිධායකයින් තීරණය කර තිබුණ ද ඩෙල්ටා ප‍්‍රභේදය ජපානය තුළ ශීඝ‍්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් පේ‍්‍රක්ෂකයින්ගෙන් තොරව තරගාවලිය පවත්වා ගෙන යෑමට සංවිධායකයෝ පෙරේදා (08 වැනිදා* තීරණය කළහ. ජපානයේ කොවිඞ් මරණ 14900ක් වාර්තා වී ඇති අතර එරට වැසියන්ගෙන් සියයට 15ක් පමණ එන්නත්කරණය සිදු කර ඇති බව විදෙස් ආරංචි මාර්ග පවසයි.

පේ‍්‍රක්ෂකයන්ගෙන් තොරව ඔලිම්පික් පවත්වා ගෙන යෑමට එරට වැසියන්ගෙන් සියයට 64ක් එකඟ බව ද සියයට 30කට පමණ පිරිසක් සීමිත පේ‍්‍රක්ෂකයින්ගෙන් යුතුව ඔලිම්පික් පවත්වා ගෙන යෑමට කැමැති බවද සමීක්ෂණයකින් හෙළි වී ඇත. මේ අතර ඔලිම්පික් ගිනිසිළුව රැුගෙන ටෝකියෝ නුවර වීදි හරහා ගමන් කිරීමට නියමිතව තිබූ සහාය ධාවනය ද කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් අවලංගු කර ඇති බව සංවිධායකයෝ දන්වා සිටිති. අදාළ සහාය ධාවනය වෙනුවට අන්තර්ජාලය හ්රහා විකාශනය වන ගිනි දැල්වීමේ වැඩපිළිවෙළක් ආදේශ කිරීමට ද ඔලිම්පික් සංවිධායකයින් පියවර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top