එංගලන්ත තරග සංචාරයට සහභාගි වී පැමිණ නිරෝධායනය වෙමින් සිටි කිසිදු කි‍්‍රකට් කී‍්‍රඩකයකුට කොවිඞ් 19 වෛරසය ආසාදනය වී නොමැති බව දෙවැනි වරටත් පෙරේදා (08 වැනිදා* සිදු කරන ලද පී. සී. ආර්. පරීක්ෂණවලින් ඊයේ (09 වැනිදා* තහවුරු වී ඇත.
කි‍්‍රකට් කී‍්‍රඩකයන් පෙරේදා හදිසි පී. සී. ආර්. පරීක්ෂණයක් සඳහා යොමු කරන ලද්දේ කි‍්‍රකට් කණ්ඩායම සමග නිරෝධායනය වෙමින් සිටි පිතිකරණ පුහුණුකරු ග‍්‍රාන්ට් ෆ්ලවර් මහතාට කොවිඞ් ආසාදනය වී ඇති බවට වාර්තා වීමෙන් පසුවය. කී‍්‍රඩකයින්, නිලධාරීන් සහ සහාය කාර්ය මණ්ඩලය ඇතුළු 32 දෙනකුගෙන් යුත් පිරිසක් එංගලන්ත සංචාරයෙන් අනතුරුව නිරෝධායනය වෙමින් සිටි අතර ඊට පෙර සිදු කරන ලද පී. සී. ආර්. පරීක්ෂණවලින් ඒ කිසිදු අයකු කොවිඞ් ආසාදිත බවට තහවුරු නොවිණි. කෙසේ වෙතත් පෙරේදා දිනයේ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් දෙවැනි පී. සී. ආර්. පරීක්ෂණයක් සඳහා යොමු කළ පිතිකරණ පුහුණුකරු ග‍්‍රාන්ට් ෆ්ලවර් මහතා කොවිඞ් ආසාදනය වූ බවට වාර්තා වීමෙන් පසු කී‍්‍රඩකයින් සහ සියලූ කාර්ය මණ්ඩලය නැවත පී. සී. ආර්. පරීක්ෂාවක් සඳහා පෙරේදා (08 වැනිදා* යොමු කෙරිණි.