කලකට පසු ලද ජයග්‍රහණය ගැන අවසන් තරගයේ වීරයා කල සංවේදි කතාව

ඉන්දියාව සමඟ පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් එක්දින තරගය ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව මෙරට තුලදී එක්දින තරගයක් ජය ගත්තේ වසර 09කට පසු වීමද විශේෂත්වයක්.

අවසන් තරගයේ වීරයා බවට පත් වීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සමත් වුණේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට ද පත්වෙමින්.

මේ අතර තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවේදී අවිශ්ක ප්‍රනාන්දු පවසා සිටියේ මෙවැන්නක්.

“එංගලන්තයේදී මං බැට් කරපු විදියත් එක්ක පොඩි පොඩි දේවල් ටිකක් මං වෙනස් කරා, ඒ දේ මට වාසියක් වුණා මේ තරගාවලියේදී, එංගලන්තයේදී මගේ ඉස්සරහා කකුල ඕෆ් එකට යන ගතියක් තිබ්බා. මම ඒක පොඩි ටෙක්නික් එකකින් හදාගත්තා. ඒ නිසා මේකෙදි ලොකුවට ලකුණු වලට යන්න පුළුවන් වුණා.”

එමෙන්ම ඉන්දියාව සමඟ හෙට ආරම්භවීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සම්බන්ධයෙන්ද ඔහු අදහස් දක්වා සිටියා.

එහිදී ඔහු සඳහන් කළේ කණ්ඩායමක් ලෙස හොඳින් ක්‍රීඩා කළහොත් එම තරගාවලියේදී ඉන්දියාව පරාජය කිරීමට හැකියාවක් පවතින බවයි

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top