තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළ දැමීම සඳහා රජය මගින් නව වැඩපිළිවෙලක් සැලසුම් කර තිබේ.
ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරන්නේ මෙහි පළමු පියවර වශයෙන් වාහන අංක තහඩු තැපැල් මගින් බෙදාහැරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන බවය.
තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම බිලියන 9ක් බවත් බිලියන 14ක වියදමක් පවතින බවත් පැවසේ.
මහනුවර ප්‍රදේශයේ උත්සවයකදී ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළකර ඇත.
“තැපැල් සේවයේ වාර්ෂික ආදායම බිලියන 9ක්. බිලියන 14ක වියදමක් යනවා. බිලියන 5ක මුදලක් භාණ්ඩාගාරයෙන් ගන්න වෙලා තියෙනවා. අපේ පළවෙනි ඉලක්කය ආදායම වැඩිකර ගැනීම. ඒ නිසා RMV එකෙන් ලබලා දෙන වාහන අංක තහඩු ගෙදරට ගෙනල්ලා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. නැත්නම් ඒක ගන්න යන්න වෙනවා. පොඩි ගාණක් අපි ඒකට අය කරනවා.”