අනාගතය පරපුර වෙනුවෙන් පරිසරය ආරක්ෂා කිරීම රජය වගකීමක් කොට සළකන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය මෙරට පළමු වතාවට රාජ්‍ය අනුග්‍රහයෙන් නිර්මාණය වූ බත්තරමුල්ල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය අසළ පිහිටි “ජාතික සඳුන් අරණ” ජාතියට තිළිණ කරමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා 20 දින පස්වරුවේ දී මේ බව අවධාරණය කළේය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනය අනුව යමින් රට හරිත කලාපයක් බවට පත් කිරීමේ වැඩ පිළිවෙලට සමගාමීව අක්කර 9කින් යුතු භූමි භාගයක් පුරා සඳුන් අරණ විහිදෙයි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉහළ ආර්ථික වටිනාකමකින් යුත් මෙම භූමි ප්‍රමාණය හරිත සංකල්පය ප්රමුඛ කර ගනිමින් ජනතාව වෙනුවෙන් නිර්මාණය වූ වෙනස්ම ආකාරයේ පරිසර හිත මිතුරු ව්‍යාපෘතියකි. ජාතික සඳුන් අරණ රට තුළ සංවර්ධනය කළ යුතු ප්‍රදේශ හඳුනාගනිමින් යටිතල පහසුකම් සහිතව හරිත කලාප ඇති කිරීමේ වැඩපිළිවෙලේ එක් සංධිස්ථානයකි ශ්‍රී ලංකාවේ අති දුර්ලභ රත් සඳුන් ශාක 300 ක් සහ සුදු සඳුන් ශාක 900 කින් මෙම උද්‍යානය අලංකාර වේ.මෙය ජනතාවට නොමිලේම නිදහස, විවේකය, හුදකලාව සහ විවිධත්වය අත්විදීමට හැකි අපූරු නවාතැනකි වෙනස් වූ විවිධත්වය අගයන්නන්ට සේම ගැඹුරු පර්යේෂණ කරන්නන්ට තමන් සොයන නිදහස් මතයන්ට සහ පර්යේෂණවලට පිවිසීමට ජාතික සඳුන් අරණ ප්‍රයෝජනවත් වනු ඇත ව්‍යායාම කිරීම, භාවනා කිරීම, යෝග ව්‍යායාම ඇතුළු වැඩසටහන් රැසකට සුදුසු වන පරිසරයක් ද මෙහි නිර්මාණය කර තිබේ කාර්ය බහුල ජීවිතයෙන් මිදී පවුලේ සාමාජිකයින් සමඟ විවේකීව නිදහසේ කාලය ගත කිරීමට සුදුසු පරිදි සකසා ඇති මෙහි, පිරිසිදු ආහාරපාන ලබා ගැනීමට අවන්හල්, සනීපාරක්ෂක පහසුකම් මෙන්ම වාහන 60ක් නැවතා තැබිය හැකි රථ ගාලක් ද තිබේ.
මම මේ රටේ ජනතාවට ආරාධනා කරනවා ඔබ මේ ජාතික සඳුන් උයන නරඹන්න එන්න. මේ තිබෙන සුන්දරත්වය අත්විදින්න. මෙහි ඇති අලංකාරය පිළිබදව, සුන්දරත්වය පිළිබදව ඔබේ සමාජ ජාලවල, ෆේස්බුක් පිටුවේ, පොත් පත් වල කවි නිසැදැස් ලෙස පල කරන්න. චිත්‍ර නිර්මාණය කරන්න. මෙම ජාතික සඳුන් අරණ රටෙන් ලෝකය වෙත රැගෙන යාමේ ජාතික මෙහෙය සදහා ඔබත් එකතු වෙන්න කියලා මම ආරාධනා කර සිටිනවා. මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, ඉදිකිරීම් කටයුතු නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නීතිඥ මොහාන් ප්රියදර්ශණ ද සිල්වා යන අමාත්‍යවරු, මධුර විතාන, ප්‍රෙමනාත් සී දොළවත්ත, ජගත් පුෂ්පකුමාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, අමාත්‍යාංශ ලේකම් සිරිනිමල් සේකර, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර, අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරල් රංජන් ළමාහේවා ඇතුලු අමාත්‍යාංශ නිළධාරීන් හා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසක් ද සහභාගී වූහ.