මුල්ම ඇල්බම් එක එළියට එනවානව පරපුරේ දක්ෂ ගායකයෙක් ඒ වගේම සංගීත අධ්‍යක්ෂවරය දුමාල් වර්ණකුලසූරිය

දුමාල් වර්ණකුලසූරිය කියන්නේ නව පරපුරේ දක්ෂ ගායකයෙක් ඒ වගේම සංගීත අධ්‍යක්ෂවරයෙක් හැබැයි දුමාල් ක්ෂේත්‍රයට ආව දවසේ ඉඳන්ම යන්නේ වෙනස් ගමනක්. ඒ ගමනට කැමැති බොහෝ දෙනෙක් දුමාල් එක්ක එකතු වෙලා ඉන්නවා. දුමාල් අලුත් විදියේ වැඩ කිහිපයකටම අත ගහලා කියලා දැනගන්න ලැබුණා. ඒ හැම දෙයක් ගැනම දුමාල් මෙන්න මේ විදියට පුවතපතක් සමඟින් පවසා තිබුනා දුමාල් අලුත් වැඩ කිහිපයකටම අත ගහලා කියලා දැනගන්න ලැබුණා ඔව්. ගිය සතියේ “කාලය” කියලා අලුත් සිංදුවක් එළියට දැම්මා. ඒ වගේම අභිසාරිකාවන්ගේ ගැටලු ගැන කතා කෙරුව ගීතයකුත් එළියට ආවා. ඒ වගේම තවත් ගීත කිහිපයක්ම එළියට එන්න තියෙනවා. ඒ එක්කම දුමාල්ගේ මුල්ම ගීත ඇල්බම් එකේ වැඩ කටයුතු අවසන් බවකුත් අපිට දැනගන්න ලැබුණා. ඒ ගැනත් මතක් කරමු? ඔව්. තව සති දෙක තුනකින් මගේ මුල්ම ගීත ඇල්බම් එක එළියට දාන්න ඉන්නේ. ඒ වගේම දෙවැනි ඇල්බම් එකෙත් ගීත කිහිපයක් දැන් පටිගත කරලා ඉවරයි. පළමුවැනි ගීත එකතුව එළියට එන්න පරක්කු වුණා වැඩි නැද්ද? පරක්කුවක් තියෙනවා. මම මේ වෙද්දි මගේම කියලා ගීත 150ක් විතර ගායනා කරලා තියෙනවා. ඒ වුණත් ගීත ඇල්බම් එකක් කරන්න ඕනෑ කියලා මම හිතාගෙන හිටියේ නැහැ. ඒ හින්දා ඒ ගැන උනන්දුවක් තිබුණෙත් නැහැ ඒත් මගේ රසිකයන්ගෙන් නිතරම ඒ ඉල්ලීම ආවා. වාහනයක යද්දි හරි අහන්න ගීත එකතුවක් ඕනෑ කියලා ඒ අය ඉල්ලීම් කළා. ඒ හින්දයි ගීත ඇල්බම් එකක් කරන්න හිතුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top