Puja Umashankar

වසර ගණනාවක් ලංකාවේ තරුණයින් වශීකර ගත්සු රූපිනිය පූජා උමාශංකර්

බොලිවුඩය ජයගැනීම කියන්නේ ලංකාවේ නිළියන් අතරින් වැඩි පිරිසකට තිබෙන හීනයක් බව රහසක් නොවෙයි. කොහොම නමුත් බොලිවුඩයේ ඉඳලා ලංකාවට ඇවිත් ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ මෙන්ම ජනයා අතර ජනප්‍රියත්වයට පත් චරිතයක් තමයි පූජා ගෞතමී උමාශංකර් කියලා කියන්නේ. නමුත් ඇය කලා ක්ෂේත්‍රය තුළ භාවිතයට ගන්නා නාමය තමයි පූජා උමාශංකර්. ඇත්තෙන් පූජා කියලා කියන්නේ ලාංකික සම්භවයක් සහිත සුරූපී නිළියක් කිව්වොත් නිවැරදියි. ඇය දෙමළ, සහ සිංහල, තෙලිගු, සිනමාවේ විතරක් නෙවෙයි. මලයාලම් සහ අමටුර් සිනමාව තුළිත් සුවිශේෂ ජනප්‍රියත්වයක් ලබාගෙන තිබෙනවා

 

කොහොමහරි ඉතින් ඇය කළා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ඇගේ මිතුරෙකු වන අධ්‍යක්ෂකවරයෙකු වූ ජීවාගේ මාර්ගයෙන් බවයි අපට දැනගන්නට ලැබුනේ. ඉන් අනතුරුව ඇය බාලා’ගේ නාන් කඩවුල් චිත්‍රපටයට සිය රංගන දායකත්වය දක්වන අතර අති විශාල ජනප්‍රියත්වයක් හිමිකර ගැනීමට සමත්වෙනවා. ඉන් අනතුරුව ලාංකීය සිනමාවට පිවිසෙන ඇය සිංහල සිනමාව තුළ සාර්ථක ගමනක් ගමන් කරනවා

 

ඉතින් එලෙස සිංහල සිනමාව තුළ ජනප්‍රියත්වයට පත්වන ඇය සිය රංගන දායකත්වය ලබාදුන් සිනමාපට ලෙස ‘අංජලීකා’ ‘ආසයි මං පියාබන්න’ ‘සුවඳ දැනුනා’ ජීවිතේ වැනි සිනමාපට හදුන්වා දෙන්න පුලුවනි. ඒ වගේම ඇය 2014 වසරේදී විවාහ ගිවිසගන්නා අතර ඒ දීපක් ශන්මුගනාදන් නම් ලාංකීය නිරූපණ ශිල්පියෙකු සමගයි. ඉතින් ඉන්දියාවේ සිට ලංකාවට ඇවිත් ලාංකීය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පත් පුජාගේ සුන්දර ජායාරූප පෙළක් අපි මේ විදිහට අරගෙන එනවා

 

nna Perera

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top