දෙවෙනි ඉනිමේ මල්කි ලෙසින් ජනප්‍රියත්වයට පත් විදුෂි සිය සැමියා සමගින් එංගලන්තයේ ගෙවන සුන්දර ජිවිතේ

Malki . ඉතින් එම ටෙලිනාට්‍යය ඔස්සේ ජනප්‍රියත්වයට පත් රංගන ශිල්පිනියක් තමයි විදුෂි උත්තරා කියලා කියන්නේ.

කොහොම නමුත් බොහෝදෙනෙකු හදුනන්නේ මල්කි කියන නමෙනුයි. ඒ ඇය දෙවනි ඉනිමේ ටෙලිනාට්‍යයේ ඒ චරිතයට සිය රංගන දායකත්වය දැක්වීම නිසාවෙනුයි. නමුත් මේවන විට දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය තුළ අපට ඇයව දැකගන්නට නොලැබුනත් ඇයට ලැබෙන ප්‍රතිචාරයන්ගේ නම් කිසිම අඩුවක් වෙලා නැහැ.

කොහොමහරි ඉතින් ඇය වසර ගණනාවක් ක්ෂේත්‍රය තුළ සිටියත් ඇයව හැමෝම හදුනා ගන්නේ දෙවනි නිනිම ටෙලි නාට්‍ය හරහායි. ඇත්තෙන්ම ඇයගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂය දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය කිව්වොත් නිවැරදියි. ඒ කොහොම උනත් වර්තමානයේ සුවිශේෂ ජනප්‍රියත්වයක් ලබාගෙන ඉන්න ඇය නිශාර සහ ඇය ලංසුපතියෝ…වැනි ටෙලි නාට්‍යය කිහිපයකට සිය රංගන දායකත්වය දක්වනු ලැබීය. මේ අතර ඇය පෝය චිත්‍රපට ඇතුළු වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් සිය රංගන දායකත්වය දක්වලා තිබෙනවා

 

කොහොම නමුත් කලා පවුලකින් පැවත එන ඇගේ ලොකු නැන්දණිය තමයි ප්‍රවීණ රංගන ශිල්පිනී කුසුම් රේණු මහත්මිය කියන්නේ. වර්තමානය වනවිට ඇය විවාහවී සිය සැමියා සමගින් එංගලන්තයේ දිවි ගෙවන බවයි අපට දැනගන්නට ලැබුණේ.

මේවන විට විවාහ වී සිය සැමියා සමග එංගලන්තයේ ජීවත්වන විදූෂි විවාහයෙන් පස්සේ රංගන ක්ෂේත්‍රය තුළ අපිට දකින්නට නොලැබෙන්නේ ඇය පෞද්ගලික ජීවිතයට මුල්තැන දී එංගලන්තයේ සැමියා සමග ජීවත්වන නිසාවෙනුයි. ඉතින් අපි ඇගේ විවාහ දිවියට හා ඉදිරි අනාගතයට සුභපැතුම් එකතු කරන අතරම ඇගේ පුංචි කැදැල්ලේ සුන්දර ජායාරූප පෙළක් මේ විදිහට අරගෙන එනවා

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top