අපේ කළා ක්ෂේත්රය තුළ වර්තමානය වනවිට සුවිශේෂ ලෙස ජනප්‍රියත්වයට පත් කවුරුත් ආදරය කරන ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියක් තමයි කස්තුරි ජයවර්ධන කියලා කියන්නේ. කොහොම නමුත් අපට මේ යොවුන් රංගන ශිල්පිනිය සිරස නාලිකාවේ විකාශනය වන නීල පබළු ටෙලිනාට්‍යය ඔස්සේ දැකගන්නට ලැබෙනවා. එපමණක් නොවෙයි ඇය ITN නාලිකාවේ විකාශනය වන පෝක් විදිය ටෙලි සිතුවමටත් සිය රංගන දායකත්වය දක්වනු ලබනවා
කොහොමහරි ඉතින් මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක් සමගින් සහභාගිව පසුගිය දිනක ඇගේ අලුත්ම තොරතුරු ගැන කතාබහ කර තිබුනේ මෙලෙසයි” 2013 වසරේදී දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ මට දෙවෙනි ස්ථානය ලැබුණා. ඉතින් ඊට පස්සේ මාව ගොඩක් දෙනෙක් අඳුන ගත්තා.
ඒ වගේම තමයි මම ඉස්සෙල්ලම රඟපෑවේ හුස්මක් තරමට නාට්‍යයේ. මට ඒ අවස්ථාව හිමි වුනේ සංගීත් ප්‍රභූ අයියා හරහායි. මම මේ දිනවල නීල පබළු ටෙලි නාට්‍යයට මහීමා ලෙස රංගනයෙන් දායකත්වය දක්වනවා. ඒ චරිතය මගේ ඇත්ත ජීවිතේට සමානකම් තියනවා. ගමේ ඉදලා කොලඹ ඇවිත් ගෙවන ජීවිත කතාවක සිදුවීමක් තමයි මම එහිදී නිරූපනය කරන්නේ.
ඒ වගේම තමයි පෝක් වීදියේ ගුරුවරියක් ලෙසත්, සැප්තැම්බරයේ දිග දවසක් ටෙලිනාට්‍යයේ කුමී ලෙසටත් මම රඟපානවා. සැප්තැම්බරයේ දිග දවසක් ටෙලිනාට්‍යයේ කුමීගේ චරිතය මන් ගොඩක් කැමතියි. එවැනි චරිතයක් කිරීමට ආසාවෙන් හිටියේ. ගැමි කාන්තාවක් වයසින් වැඩි පිරිමියෙක් සමඟ විවාහ වෙලා ජීවිතේට එන හැල හැප්පීම් එක්ක තමයි කුමීට ජීවත් වෙන්න වෙන්නේ” කියලයි