Taliban cricket

තලේබාන් නායකයින් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් එක්ක පාටියකුත් දාලා..!

තලේබාන් නායක අනාස් හකානි සහ ඇෆ්ගනිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක හෂ්මතුල්ලා අතර සුහද හමුවක් සිදු වී තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටිනවා

එමෙන්ම එම සාකච්චාවන්හිදී ක්‍රිකට් ක්‍රීඩාව සඳහා තලේබාන්වරු සහයෝගය ලබා දෙන බව තහවුරු කර තිබෙනවා.

මෙහිදී තලේබාන් නායක අනාස් හක්කානි පවසා ඇත්තේ ඇෆ්ඝන් ක්‍රිකට් ක්‍රීඩාවට මුල පුරන ලද්දේ ද ඇෆ්ඝනිස්ථාන ඉස්ලාමීය එමිරේටය බවය. එමෙන්ම ඇෆ්ඝන් ක්‍රිකට් ක්‍රීඩාවට දිගටම සහය දක්වන බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.

ඇෆ්ඝන් ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භය සිදුවූයේ පාකිස්ථානයේ වූ සරණාගත කඳවුරුවලිනි. පසුගිය තලේබාන් පාලන සමයේ ඇෆ්ඝනිස්ථානය වෙත ක්‍රිකට් ක්‍රීඩාව පැතිරුණ අතර දේශීය වශයෙන් එම ක්‍රීඩාවට තලේබාන් සංවිධානය බාධා නොකළ බව පොදුවේ සත්‍යයකි.

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක නූර් අලි සද්රාන් සහ හිටපු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සහ තේරීම් කමිටු සභාපති අසාදුල්ලා ඛාන් ද තලේබාන් සංවිධානය සමඟ පැවති සාකච්ඡාවට එක්ව තිබෙන බවයි මෙම වාර්තාවන්හි වැඩි දුරටත් සඳහන් වන්නේ

මෙහිදී ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් සමඟ තලේබාන් සංවිදානය භෝජන සංග්‍රහයක්ද පවත්වා තිබෙනවා

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සහ තලෙබන්වරුන්ගේ මෙම හමුවීම සිදුවන්නේ ඇෆ්ගන් හිටපු නායක අස්ගර් ඇෆ්ගන් හමුවීමෙන් දින කිහිපයකට පසුවය.

ජාත්‍යන්තර මාධ්‍ය විසින් පල කර ඇති ජයාරූප වල තලේබාන් කොමාන්ඩෝ භටයින් ඇෆ්ගනිස්ථානයේ හිටපු නායක අස්ගර් ඇෆ්ගන් සමඟ සෙල්ෆි ඡායාරූප ගන්නා අයුරු ද දැක ගැනීමට හැකි වනවා

තලේබාන් නායකයින් පසුගිය දිනවල විවිධ ක්‍රිකට් ක්‍රීඩකයන් හමුවූ බව වාර්තා වූයේ ය. එම හමුවීම්වලදී ද ක්‍රිකට් ක්‍රීඩාවට බාධා නොකරන බව ඔව්හු ප්‍රකාශ කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top