ලාංකීය සිනමාපට හා ටෙලි නිර්මාණ රැසක් ඔස්සේ ප්‍රේක්ෂක ආදරය නොඅඩුව හිමිකර ගත්තු සුවිශේෂ රංගන ශිල්පිනියක් තමයි නයනා කුමාරි කියන්නේ. සලෙලු වරම, සිහිනය දිගේ එන්න, රූපාන්තර වැනි බොහෝමයක් නිර්මාණ ඔස්සේ ඇයට ප්‍රේක්ෂක ආදරය නොමදව ලබා ගැනීමට හැකියාව ලැබුණා. ඒ බව රහසක් නොවෙයි. කාලයක් ලාංකීය කලා ක්ෂේත්‍රයට තුළ ජනප්‍රියත්වයට පත් ඇය වර්තමානයේ රූපලාවණ්‍යය ශිල්පිනියක ලෙසින් කටයුතු කරනු ලබනවා.
කොහොම නමුත් කාලයක් ක්ෂේත්‍රය තුළ වැඩිය දැකගන්නට නොලැබුණු ඇය වර්තමානයේ නැවත වරක් අපට ටෙලි නිර්මාණ කිහිපයක් ඔස්සේ දැකගන්නට ලැබෙනවා. ඒ මේ දිනවල හිරු ටීවී නාලිකාවේ විකාශනය කෙරෙන “මහවිරු පන්ඬු” හා “රෑනගල වලව්ව” ටෙලි නිර්මාණ ඔස්සේයි. මේ අතර රූපලාවණ්‍ය ශිල්පිනියක ලෙසින් කටයුතු කරන ඇය මේවන විට රූපලාවන්‍යාගාර තුනකට හිමිකම් කියන නිසාවෙන් මේ දවස්වල කාර්යබහුලයි කියන ඇය කියන්නේ ඒ හේතුව නිසාවෙන්ම නිර්මාණයන් බාර ගැනීම තාවකාලිකව සීමා කර ඇති බවයි
ඒ වගේම වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියන්නේ තමන් රංගනයට අවතීර්ණ වූ දිනයේ පටන් රූගත කිරීම් වලට දේශීය වශෙයෙන් මීමුරේ ,දඹදිව, වැනි ස්ථානවලට වගේම විදේශීය වශයෙන් නේපාලය ,ඉන්දියාව වැනි ස්ථානවල සංචාරය කර තිබෙන බවයි. ඉතින් මේවන විට ඇය අකමැතිම දේ ට්‍රැවලින් බව කියන ඇය නිදහසක් ලැබුණු ඕනෑම වෙලාවක නිවසට වී පවුලේ සාමාජිකයන් සමගින් කාලය ගත කිරීමට කැමති බවයි කියන්නේ
එලෙස විදෙස් රටවල සංචාරයේ යෙදුණු ඇය වඩාත් ප්‍රිය කරන්නේ ඉතාමත් සීමිත පිරිසකට පමණක් ඇතුළුවීමට අවසර ලබාදෙන අනගාරික ධර්මපාල තුමා ඉන්දියාවේ ගොඩබැස්ස තැන් හා ලංකාවේ ගිය තැන් නැරඹීමට හිමිවුන අවස්ථාවට කියලයි කියන්නේ
කොහොමහරි ඉතින් වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියන්නේ එම අනර්ඝ අවස්ථාව තමන්ට හිමිවූයේ ලංකාවේ මහා බෝධි සංගමය විසින් අනගාරික ධර්මපාල තුමා පිළිබඳ කළ වාර්තාමය වැඩසටහනක් නිසාවෙන් බවයි. ඇය විසින් කළ ඉල්ලීමක් මත ඔවුන්ගේ වියදමින්ම මේ සියලු සංචාරයන්ගේ නිරත වීමට ඇයට අවස්ථාව ලැබුණු බව කියන නයනා කියන්නේ නේපාලයේ බුදුන් වහන්සේගේ සියලුම සිද්ධස්ථානයක් දැකබලා වැදපුදා ගැනීමට පමණක් නොවෙයි නේපාලයේ ලුම්බිණි සල් උයනේ සිට පෝදා සජීව වැඩසටහනක් සිදුකිරීමටත් තමන් පින්වන්තියක් වු බවයි