මහේෂි මධුශංකා යනු වර්තමානය වනවිට ලාංකීය ජනයාගේ සුවිශේෂ ආදරයක් හිමිකර ගත්තු දක්ෂ රංගන ශිල්පිනියකි. ඒ බව ඉතින් රහසක් නොවෙයි. එපමණක් නොවෙයි ඇය කාටත් ආදර්ශයක් ලබාදෙමින් සිය සැමියා සමගින් විවාහ ජීවිතය ඉතාමත් සුන්දරව සතුටින් ගත කරන චරිතයක් ලෙස හදුන්වන්න පුලුවනි.
ඉතින් ආදරණීය දරුවන් දෙදෙනෙකුගේ සෙනෙහෙබර මවක් වන ඇය වර්තමානයේ අපට සමන් කුමාර ලියනගේ මහතා අධ්‍යක්ෂණය කරන ඇය නාට්‍යය තුළින් දැකගන්නට ලැබෙනවා
කොහොම නමුත් මේ සුන්දර රංගන ශිල්පිනිය පුවත්පත් සාකච්ඡාවක් සමගින් එකතුවෙලා සුවිශේෂ අදහස් දැක්වීමක් කරනු ලැබුවා. ඉතින් එලෙස අදහස් දක්වමින් ඇය කියලා තිබුනේ තමන් පවුල් ජීවිතේට මුල්තැන දෙන කෙනෙකු නිසාවෙන් තමන් කැමති වසරකට එක් නිර්මාණයකට හෝ දෙකකට දායක වෙන්න කියලයි.
ඒ හැරෙන්න ඇයට කලා ජීවිතේට සමුදෙන්න නම් කිසිම අදහසක් නැහැලු. ඉතින් ඇය එහිදී විශේෂයෙන්ම මතක් කළ දෙයක් තමයි ඇගේ මව සහ සැමියාගෙන් තමන්ට හිමිවන සහයෝගය ගැන. මහේෂි කියන ආකාරයට තමන්ගේ දරුවන් දෙන්නාව විශ්වාසයෙන් යුතුව තියලා යන්න පුළුවන් විශ්වාසවන්තම දෙන්නා ඔවුන් දෙන්නා බවයි
මගේ මහත්තයා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් නියමුවරයෙක් විදියට රැකියාව කරන නිසා නිවසේ රැඳෙන කාලය සීමිතයි කියන මහේෂි කියන්නේ අපි එක්ක සහයට කෙනෙකු ඉන්නවා කියලයි. ඉතින් ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය නිසාවෙන් ඇයට නැවත වතාවක් නිර්මාණ බාරගන්න වගේම නිරවුල් මනසින් ඒ නිර්මාණයන්ට දායක වෙන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය වෙලා තිබෙන බවයි ඇය කියන්නේ. ඒ දේ දකින්නේ ඇය ඇගේ වාසනාව විදියට කියලයි කියන්නේ