roy

රෝයිට පන්දු යැවීමේ තහනමක්

සිම්බාබ්වේ කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක Roy Kaia ට ජාත්‍යන්තර තරගවලදී පන්දු යැවීම තහනම් කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

ඒ, ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල නොවන බව තහවුරු වීම හේතුවෙන්.

බංග්ලාදේශය සමග පසුගිය මාසයේ හරාරේ හී දී පැවැති ටෙස්ට් තරගයේ දී යි ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වුණේ.

විශේෂඥ මණ්ඩලයක් විසින් Roy Kaia ගේ පන්දු යැවීමේ ඉරියව්ව විමර්ශනය කර ඇති අතර, ඔවුන් තීරණය කර ඇත්තේ ඔහුගේ ඉරියව්ව නියමිත අංශක 15 සිමාව ඉක්මවා යන බවයි.

ඔහුට සිය ඉරියව්ව නිවැරැදි කර ගැනීමෙන් පසුව නැවත පරීක්ෂණයක් සදහා ඉදිරිපත් වීමට අයි.සී.සී නීති රීති ප්‍රකාරව අවසර පවතිනවා.

ජාත්‍යන්තර තරගවලදී ඔහුට පන්දු යැවීමේ තහනමක් පනවා ඇතත්, සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයේ අවසරය ඇතිව ඔහුට දේශීය තරගවලදී පන්දු යැවීමේ හැකියාව පවතිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top