Shani

දෙවෙනි ඉනිමේ රගපාන්න ලැබුනු චරිතේ මම ප්‍රතික්‍ෂේප කරා.ඒකේ පිටපතක්වත් නෑ හරියට ,කිසි පිලිවෙලක් නෑ-ශානි වීරරත්න

ලාංකීය කලා ක්ෂේත්‍රයේ නවක සුරූපී රංගන ශිල්පිනියක් මෙන්ම දක්ෂ නිරූපණ ශිල්පිනියක් තමයි ශානි වීරරත්න කියන්නේ. ඉතින් මේ රංගන ශිල්පිණිය අපිට මුලින්ම දකින්න ලැබුණේ මුතුලේන්දොර නාට්‍යයෙන්. ඒ වගේම පහුගිය දිනවල විකාශය වුණු නෑනලා ටෙලිනාට්‍ය හරහාත් අපිට ඇයව දැකගැනීමට පුළුවන් වුණා. ඉතින් කාගේත් ආදරය දිනාගත් මේ සුන්දර රංගන ශිල්පිනිය ඇගේ අලුත්ම තොරතුරු පවසා තිබුණේ මෙන්න මේ විදියට.

 

“ මම මේ දවස්වල හොඳින් ඉන්නවා කලා නිර්මාණ කටයුතු වලට සම්බන්ධ වෙමින්. මම මුතුලේන්දොර ටෙලිනාට්‍යයෙන් තමයි මේ ක්ෂේත්‍රයට ප්‍රථමයෙන් සම්බන්ධ වෙන්නේ. ඒ අවස්ථාව මට හිමිවුණේ දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ අවසන් දොළොස් දෙනා අතරට මාව තේරුණා නිසයි. මුතුලේන්දොර නාට්‍යයේ මෙහෙදිගේ චරිතයේ ඒකාකාරී බවක් මට දැනුණා. ඒ නිසාම මම ඒ චරිතයෙන් ඉවත් වෙන්න තීරණය කරා. ඉතින් ඒ වගේම නෑනලා ටෙලිනාට්‍යයේ මම නිරූපණය කරපු තරින්දිගේ චරිතයට මම ගොඩක් කැමතියි. මම හරිම ආසාවෙන් තමයි ඒ චරිතයට සම්බන්ධ වුණේ. අනික ප්‍රවීණ රංගන ශිල්පින් යටතේ මට එකට වැඩ කරන්න ලැබුණා.

යසෝධා විමලධර්ම, දමයන්ති ෆොන්සේකා සහ ජානක කුඹුකගේ, පවිත්‍රා වික්‍රමසිංහ විතරක් නෙවෙයි ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක නාලක මෙන්ඩිස්. ඔහුගේ නිර්මාණ වලට මම ගොඩක් කැමතියි. මම මෙහෙම හෙමින් ගමනක් යනවා මිසක් මට කිසිම වුවමනාවක් නැහැ තරඟකාරී ලෝකයකට එකතුවෙන්න. මොකද හෙමින් යනකොට අපිට ලැබෙන දැනුම බොහොමයි. දැනුමක් ලබමින් තමයි මම මේ ගමන යන්නේ. එතකොට එකේ පැවැත්මක් වගේම යන ගමනේ වටිනාකමකුත් තියෙනවා. පහුගිය දවසක මට දෙවෙනි ඉනිමේ චරිතයකටත් ආරාධනා ලැබුණා. නමුත් මම ඒ චරිතය ප්‍රතික්ෂේප කළා.

මොකද දෙවෙනි ඉනිම රඟපාපු සමහර රංගන ශිල්පීන් දැන් දකින්නටවත් නැහැ. ඉතින් මම කැමති නැහැ එක දිගට වැඩ කරන්න. අනික පිටපතක් වුණත් හරියට නැහැනේ. කරන්න තියෙන්නේ මේකයි කියලා. කරන වැඩේ පිළිවෙලකට කරන්න ඕනේ. පෙර සුදානමක් ඇතිව. මෙගා වුණත් කමක් නැහැ. නිරූපණය කිරීමට චරිතය තුළ දැනෙන දෙයක් තිබිය යුතුයි. ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාවක් විදියට මාව තෝරාගෙන තියෙනවා. ඉදිරියේදී මට ඒ අවස්ථාව උදා වේවි. ඉතින් ඒ වගේම ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කරන නවතම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑමට මාව තෝරාගත්තා. මගේ පෙම්වතා හැටියට එහි ඉන්නේ පුබුදු චතුරංග. තවම රූගත කිරීම් පටන්ගත්තේ නැහැ.

 

Shani

0

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top