පසුගිය දින කිහිපය පුරාවට ලාංකීය යොවුන් ගායන ශිල්පිනියක විසින් ගායනා කළ “මැණිකේ මගේ හිතේ” කියන ගීතය ලාංකිකයන් අතර මෙන්ම ඉන්දීය ජනයා අතර සුවිශේෂ ලෙස ජනප්‍රියත්වයට පත්විය. කොහොම නමුත් ලාංකීය යොවුන් ගායන ශිල්පිනියක වන යොහානි ද සිල්වා විසින් ගායනා කළ මේ ගීතය මේ දවස්වල සාමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා
කොහොමහරි ඉතින් ඉන්දියානු ජනයා මෙන්ම ඉන්දීය කලාකරුවන්, හින්දි සිනමාවේ දැවැන්තයෙකු වන අමිතාබ් බච්චන් පවා මේ ගීතයට වශී වී තිබීමත් විශේෂත්වයකි. ඒ විතරක් ජනප්‍රිය තරු රැසක් මේ සින්දුවට ටික්-ටොක් වීඩියෝ කළ ආකාරයත් අපට දැකගන්නට ලැබුණා.
මේ අතර ලංකාවේ මෙන්ම ඉන්දියාව තුළත් ජනප්‍රියත්වයට පත් මේ ගීතය අනුකරණය කිරීමට ඉන්දීය දරුවන් කිහිපදෙනකු මෙන්ම ලාංකීය දරුවන් කිහිපදෙනකුත් මෑතකදී කටයුතු කර සිටියා