ජනප්‍රිය නිලි නෙහාරා පීරිස් පවුලේ සාමාජිකයන් සමගින් සිය ආදරණීය පියාණන්ගේ උපන්දිනය සමරපු හැටි

අපේ රටේ කවුරුත් ආදරය කරන කලා ක්ෂේත්‍රය තුළ අතිශය ජනප්‍රියත්වයට පත් රංගන ශිල්පීන් යුවළක් තමයි නෙහාරා පීරිස් සහ ඇගේ සැමියා මේනක රාජපක්ෂ කියලා කියන්නේ. කොහොම නමුත් මේ යුවළ කාටත් ආදර්ශයක් ලබා දෙමින් සුන්දර ජීවිතයක් ගතකරන රංගන ශිල්පීන් යුවළක් ලෙස අපට හදුන්වන්න පුලුවනි.

ඉතින් මේ දෙන්නගේ පුංචි කැදැල්ල තව තවත් සුන්දර කරමින් පසුගිය කාලයේ කිරි සිනහව අරගෙන පුංචි සුරංගනාවියක් මේ පවුලට එකතු වුණා ඒ බව ඉතින් ලංකාවේ නොදන්න කෙනෙකු නැති තරම්.

 

කොහොමහරි ඉතින් කලා ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පිනියක ලෙස ජනප්‍රියත්වයට පත් නෙහාරා පීරිස්ගේ ආදරණීය පියාණන්ගේ උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් එලෙස යෙදී තිබුණු සිය පියාගේ උපන්දිනය සැමරීමට ඇය කටයුතු කර තිබුණා.

ඒ සිය පවුලේ සියලු සාමාජිකයන් එකතු කරමිනුයි. කොහොම වුනත් මේ වෙනුවෙන් පවුලේ හැමෝම එකතු වෙලා හරි අපූරු උපන්දින සාදයක් පවත්වලා තියනවත් අපට දැකගන්න ලැබුණා

 

කොහොම නමුත් මේ සුන්දර අවස්ථාවේ ලබාගත් සුන්දර ජායාරූප පෙළක් සිය සමාජ ජාලා මාධ්‍ය ගිනුම්වලට එකතු කරමින් නෙහාරා විසින් කියලා තිබුනේ මෙන්න මේ වගේ කතාවකුයි ” ඩැඩාගේ 60 වෙනි ජන්ම දින සැමරුම රටේ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් සැලසුම් කළ පරිදි සිදු කිරීමට නොහැකිවීම කණගාටුවට කරුණකි.

නමුත් අපට සතුටුදායක ඡායාරූප කිහිපයක් සදාකාලිකව මතකයේ තබා ගැනීමට ලබාගත හැකි වීම ගැන සතුටුයි. නමුත් මගේ සොහොයුරා වන නෙහාන් සහ මස්සිනා වන ජූලී (නෙහාන් ජූලි පීරිස්) මේ අවස්ථාවට මග හැරී ගියා ” කියලයි

 

ඉතින් එලෙස පහුගිය දවසක උපන්දිනය සමරපු ජනප්‍රිය නිලි නෙහාරාගේ පියාණන්ට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුභපැතුම් එකතු කරන ගමන්ම අපි මේ සුන්දර අවස්ථාවේ ඔවුන් ලබාගත් සුන්දර ජායාරූප පෙළක් මේ විදිහට අරගෙන එනවා

Nehara perise

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top