vඕක්ලන්ඩ්හි සුපිරි වෙළඳ සංකීර්ණයකදී පුද්ගලයින් 6 දෙනෙකුට තුවාල සිදු කරමින් සිදු වූ පිහිඇණුමේදී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වූ සැකකරු පමණක් එම ප්‍රහාරයේ වගකිවයුත්තා වන බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩ්න් පවසනවා. මෙය පහත්, වැරදි සහගත වේදනාකාරී ක්‍රියාවක් බවත් ඔහුගේ මතවාදය කිසිඳු පුද්ගලයෙකු හෝ සමාජයක් විසින් පිළිනොගන්නා බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා. සිද්ධිය සැලවීමෙන් තමා දැඩි කම්පනයට පත් වූ බවත් කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගෙන සිටින අවස්ථාවක තුවාල ලැබූවන්ට උදව් කළ පිරිසට තමා ස්තුතිය පළ කරන බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.
