Kumara

“මම බුදුන් වහන්සේගේ පින්තූරයක් අරගෙන තමයි ග්‍රවුන්ඩ් එකට යන්නේ” කුමාර ධර්මසේන මහතා කියන කතාව

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව ලෙස වොලිබෝල් ක්‍රීඩාව සැලකුවත් ලාංකිකයන් වැඩි පිරිසක් ආදරය කරනුයේ ක්‍රිකට් ක්‍රීඩාවටයි. ලාංකිකයන් බොහෝදෙනෙකුට ක්‍රිකට් කියලා කියලා කියන්නේ ක්‍රීඩාවක්ම නොවෙයි එයාලගේ මුළු ජීවිතයම වෙලා තිබෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවයි.

කොහොම වුනත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කණ්ඩායම නියෝජනය කරන අති දක්ෂ ක්‍රීඩකයන් රැසක් සිටින අතර ඔවුන් ලංකාවේ නාමය ජාත්‍යන්තරයට රැගෙන යමින් රටට අතිවිශාල කීර්තියක් එක්කර තිබෙනවා

කොහොමහරි ඉතින් අද අපි කියන්න යන්නේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ගැන නොවුනත් ඔහු ලංකාවේ නම ක්‍රිකට් තුලින් ජාත්‍යන්තරයට රැගෙන ගොස් තිබෙනවා. ඒ විනිසුරුවරයෙකු ලෙසින් වන අතර ඔහු නමින් කුමාර ධර්මසේන යි.

1971 වසරේ අප්‍රේල් මස 24වන දින උපන් ඔහු කලක් ලංකාවේ ජාතික කණ්ඩායමේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසත් කටයුතු කරනු ලැබුවා. කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකු වන කුමාර ධර්මසේන මහතා නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඩා කරනු ලබන අතර ඔහු 1990 වසරේදී එම කණ්ඩායමේ නායකයා බවට පත්වෙනවා

මේ අතර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක අවසන් තරගයකදී ක්‍රීඩකයෙකු මෙන්ම ප්‍රධාන විනිසුරුවරයෙකු වූ ලොව පළමු පුද්ගලයා බවට පත්වන්නේද ඔහුයි. කොහොම නමුත් ගොඩක්ම සමාජ ශීලී චරිතයක් වගේම සරල චරිතයක් වන ඔහු සමාජ ජාලාවන් තුළත් ක්‍රියාශීලීයි. ඉතින් ලාංකිකයන් බොහෝදෙනෙකු කාලයක් ඔහුගෙන් විමසු පැනයකට ඔහු පසුගියදා පිළිතුරු ලබාදී තිබුණා

ඉතින් විනුසුරුවෙක් විදියට ග්‍රවුන්ඩ් එකට යද්දී මොනවද අරන් යන්නේ කියලා ඔහුගෙන් අහන පැනයට ඔහු පිළිතුරු ලබාදී තිබුනේ මෙලෙසයි ”හැමෝම මගෙන් ඇහුවා තරඟයකට යන්න කලින් කොහොමද සුදානම් වෙන්නේ කියලා මම තරඟයකට අරන් යන පැක් එකක් තියෙනවා.

ඒකේ මුලින්ම තියෙන්නේ මගේ හැට් එක, ඊටපස්සේ මේ දවස්වල තත්වේ නිසා වෙප් ටිෂු තියෙනවා. බොලේ එලියට ගියොත් එකෙන් පිහදාලා තමයි ආයේ තරඟෙට පන්දුව ගන්නේ” කියලයි

ඊටපස්සේ තියෙන්නේ ‘ගේජ්’ එක කියන ඔහු කියන්නේ එකෙන් තමයි පන්දුව නියමිත විදියට නැත්නම් පරික්ෂා කරන්නේ කියලයි. ඊට පස්සේ තියෙන්නේ මගේ පොත කියන ඒ මහතා සදහන් කරන්නේ මේකේ තමයි මම විනිසුරුවෙක් විදියට ඉන්න තරග සියල්ල පිලිබඳ විස්තර සටහන් කරන්නේ කියල. කොහොමහරි ඉතින් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු අවසාන වශයෙන් කියන්නේ මෙන්න මේ වගේ කතාවකුයි

Kumara darmasena

ඊටපස්සේ තියෙන්නේ ‘ගේජ්’ එක කියන ඔහු කියන්නේ එකෙන් තමයි පන්දුව නියමිත විදියට නැත්නම් පරික්ෂා කරන්නේ කියලයි. ඊට පස්සේ තියෙන්නේ මගේ පොත කියන ඒ මහතා සදහන් කරන්නේ මේකේ තමයි මම විනිසුරුවෙක් විදියට ඉන්න තරග සියල්ල පිලිබඳ විස්තර සටහන් කරන්නේ කියල. කොහොමහරි ඉතින් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු අවසාන වශයෙන් කියන්නේ මෙන්න මේ වගේ කතාවකුයි

ඊටපස්සේ මම හැම තරඟයකටම අතේ දාන වළල්ලක් තියෙනවා ඒකෙ ගහලා තියෙනවා ‘watch the ball’ කියලා. හැම පන්දුවකටම කලින් මම මේක කියවනවා. මොකද මට එකෙන් හැම බෝලයකටම අවතීර්ණ වෙන්න අවස්තාව මට ලැබෙනවා.

ඒ වගේම මගේ ළඟ පොඩි ටූල් එකක් තියෙනවා එකේ පොඩි කතුරක් පොඩි බ්ලේඩ් එකක් තියෙනවා. හදිස්සියේ ක්‍රීඩකයෙක්ගේ නේල් එකක් ගැලවුනොත් ඒ වෙලාවට මේ ටූල් එක ගොඩක් වටිනවා. ඒ වගේම මගේ ළඟ බෝල් කවුන්ටර් එකක් තියෙනවා එකෙන් ඕවර් සියයක් එක දිගට කවුන්ට් කරන්න පුළුවන්.

අවසාන වශයෙන් මම බුද්ධාගමේ කෙනෙක් වශයෙන් මම අපේ ලොවුතුරා බුදුරජානන් වහන්සේගේ පින්තූරයක් නිතරම මගේ ළඟ තියාගන්නවා” කියලයි. ඉතින් අද අපි ඔයාලා හැමෝගෙම ආදරය දිනාගෙන ඉන්න කුමාර් ධර්මසේනගේ සුන්දර ජායාරූප පෙළක් තමයි මේ විදිහට අරගෙන එන්නේ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top