“රෙද්ද හැට්ටේ ඇඳන් රඟපාන වැඩ කරන්න අමාරුයි ” ආසියානු විවාහක රූ රැජින ශ්‍රීමාලි කියන කතාව

ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් චරිත අතරින් ලාංකිකයන් විශාල පිරිසකගේ ආදරය දිනාගෙන ඉන්න චරිතයක් තමයි ශ්‍රීමාලි ෆොන්සේකා කියලා කියන්නේ. කොහොම නමුත් කාලයක් කලා ක්ෂේත්‍රය තුළ දැකගන්නට නොලැබුන ඇය මේවන විට නැවතත් අපට කලාව තුළින් දැකගන්නට ලැබෙනවා.

ඉතින් ඇය ඒ ගැන කියලා තිබුනේ මෙවැනි කතාවකුයි “සකර්ම ටෙලි කතාව හරහා තමයි මේ දිනවල රංගන කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. ගොඩක් දේවල් ගැන හොයල බලල තමයි මම මේ වගේ ටෙලි කතාවට රංගනයෙන් දායක වෙන්න හිතුවේ. කොහොමත් දැනට ටෙලිනාට්‍ය අටකට වගේ මම රංගනයෙන් දායක වෙලා තියෙනවා” කියලයි

කොහොමහරි ඉතින් ඒ චරිතය තමයි සිරියාවතී කියන ඇය කියන්නේ පොඩි පවුලක වටා ගෙතුන ලස්සන කතාවක් තමයි ඒ කියලයි. ඒ චරිතය වටා ගෙතුන ගැමි චරිතයක් තමයි ඒ කතාවේ ගෙතුනේ කියන ශ්‍රීමාලි කියන්නේ ගැමි චරිතයක් වෙනුවෙන් තමන් දායක වූ පලවෙනි වතාව මේක කියලයි.

කොහොම වුනත් රෙද්ද හැට්ටය ඇඳගෙන රඟපෑම, ගමන් විලාසය සහ එම චරිතයේ දෙබස් නුහුරු බවක් දැනුනු බව කියන ඇය කියන්නේ මට ගොඩක් වෙලාවට ලැබෙන්නේ එකිනෙට ගොඩක් වෙනස් චරිත කියලයි. ඉතින් ඒ වගේ වෙනස් චරිතවලට තමන්ව තෝරගන්නවාට ඇය ගොඩාක් සතුටුවෙනවා කියලයි කියන්නේ

මේ අතර 2012 වර්ෂයේදී රු රැජින කිරුල වගේම ආසියාවේ විවාහක රූ රැජින කිරුළත් හිමිකරගත්තේ මම කියන ඇය වැඩිදුරටත් කියලා තිබුනේ මෙන්න මේ වගේ කතාවකුයි ” ඉතින් ඊට පස්සේ තමයි ලංකාව ඇතුලේ විවිධ වූ පැජෙන්ට් නිර්මාණය වෙන්න පටන් ගත්තේ.

හැබැයි ඉතින් අනිවාර්යයෙන්ම කියන්න ඕනේ ඒ කාලේ මාධ්‍ය වලින් මට ලොකු සහයෝගයක් ලැබුනා. ගොඩක් දෙනෙක් මම කවුද කියලා හඳුන ගත්තේ ඉන් අනතුරුවයි. ඉතින් මාධ්‍ය වලට මම ගොඩක් ස්තුතියි කියලා කියන්න ඕනේ මේ වෙලාවේ.

ඇත්තටම ඒ ගැන මට ගොඩක් සතුටුයි. එදා වගේම අදටත් මා ගොඩක් කලාවට ආදරේ කරනවා. ඉතින් කලාවෙන් ඉදරියට යන්න තමයි මම හිතාගෙන ඉන්නේ” කියලයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top