ලංකාවේ කවුරුත් ආදරය කරන සුවිශේෂ පවුලක් තමයි ඇන්තනී පවුල කියලා කියන්නේ. ඉතින් මේ පවුලේ ඉන්න සුවිශේෂීම චරිතයක් තමයි ජැක්සන් ඇන්තනී කියලා කියන්නේ. කොහොම නමුත් ඒ මහතාගේ වැඩිමහල් පුතු තමයි අකිල ධනුද්දර කියන්නේ.
ඔහු අපේ කලා ක්ෂේත්රය තුල ඉන්න ආදරණීය රංගන ශිල්පියෙකු නිරූපණ ශිල්පියෙකු වගේම දක්ෂ නිවේදන ශිල්පියෙක් විදිහටත් හදුන්වන්න පුලුවනි. වර්තමානය වනවිට සිනමා රංගනයට පිවිස සිටින ඔහු මේ වෙද්දී අපේ රටේ ඉන්න ජනප්‍රියම කඩවසම් නළුවෙකු බවට පත්ව හමාරයිකොහොමහරි ඉතින් කලා පවුලක උපන් ඔහු විවාහවෙන්නේ එමී කියන සුරූපී තරුණිය සමගිනුයි. ඇත්තෙන්ම ඔවුන්ගේ විවාහය රටේම කතාබහට ළක්වු විවාහයක් බවට පත්විය. ඊට හේතුව වනුයේ අකිලගේ විවාහය සංවිධානය කෙරුණු දිනයේදීම සිය සහෝදරියගේ මෙන්ම සහෝදරයාගේ විවාහයත් සංවිධානය කර තිබීමයි. කොහොම නමුත් මේවන විට අකිල කියන්නේ සිගිති දියණියකගේ ආදරණීය තාත්තා කෙනෙක්. ඔහුගේ දියණිය තමයි සකී ආරණ්‍යා ඇන්තනි කියලා කියන්නේ
කොහොම නමුත් මේ දක්ෂ කඩවසම් රංගන ශිල්පී අකිල ධනුද්දරගේ ආදරණීය බිරිඳගේ උපන්දිනය ඊයේ දිනයට යෙදී තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් ඔහු සිය සමාජ මාධ්‍ය ජාලා ගිනුම්වලට බොහොම ආදරණීය සටහනක් එකතු කරමින් සුභපැතුම් එකතු කර තිබෙනවා අපිට දැකගන්නට ලැබුණා.
එලෙස සිය සමාජ ජාලා ගිනුම්වලට සටහනක් එකතු කරමින් ඔහු කියලා තිබුනේ මෙන්න මේ වගේ කතාවකුයි ” මැණිකේට සතුටුයි. හැම උපන්දින සුභ පැතුමක්ම කියෙව්වා. හරිම ආදරනීයයි. ආදරේ දැනිල සතුටු හිතුනාම මූනට වැටෙන එලිය මිල කරන්ඩ බෑ ස්තුතියි. ආදරේට ආදරෙයි ” කියලයි
ඉතින් එලෙස ඊයේ දිනයේ සිය උපන්දිනය සැමරූ එමීට අපිත් සුභ උපන්දිනයක් කියල සුභපැතුම් එකතු කරන ගමන්ම මේ යුවළට හැමදාමත් මෙලෙස ආදරයෙන් වගේම සතුටින් ඉන්න ලැබේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා