“ඒ වෙනසට මමත් ගොඩාක් කැමැතියි” නර්තනය තුළින් ලාංකිකයන් වශීකර ගත් චූලක්ෂි රණතුංග

චුලක්ෂි රණතුංග කියල කියන්නේ සිනමාව තුළ අතිශය ජනප්‍රියත්වයට පත් සුරූපී රංගන ශිල්පිනියකි. කොහොම නමුත් ඇය මේ දවස්වල තරු රෑනක් සමග එකම වේදිකාවේ තරග කරන අයුරු අපට දැකගන්නට ලැබෙනවා. එපමණක් නොවෙයි ඇයගේ රඟපෑම නුදුරු දිනයකදී අපට ටෙලිනාට්‍ය හරහාද දැකගන්නට ලැබේවී

කොහොමහරි ඉතින් අපට ඇයව වර්තමානයේ ‘හිරු’ මෙගා රියැලිටි වැඩසටහන ඔස්සේ දැකගන්නට ලැබෙනවා. ඉතින් ඇය මේ වෙනස්ම අත්දැකීම පිළිබඳ කියලා තිබුනේ මෙන්න මෙහෙම කතාවකුයි ” ඒ වෙනසට මමත් ගොඩාක් කැමැතියි. පසුගිය කාලයේ සිනමා ශාලා පවා වැහිලා තිබුණේ.

ඉතින් මම හිතුවා වෙනසකටත් එක්ක ‘හිරු’ මෙගා රියැලිටි වැඩසටහනට සම්බන්ධ වෙලා වෙනස් අත්දැකීමක් ලබමින් ප්‍රේක්‍ෂක ජනතාව පිනවන්න. නැටුමත් එක්ක ගෙවන හැම තත්පරයක්ම මට වෙනස් අත්දැකීම වගේම සොඳුරු මතකයන් බිඳිමින් සුදුසු විදියට කටයුතු කරගෙන යනවා.” කියලයි

මේ අතර ඇයව අපට මේ දිනවල නර්තන වේදිකාව තුළින් දැකගන්නට ලැබුණත් ඇය මුලින්ම ජනප්‍රිය වන්නේ සිනමාව තුළින් තමයි. ඉතින් සිනමාව වෙනුවෙන් මේ දවස්වල ඇගේ දායකත්වය පිළිබඳ ඇය කියල තිබුනේ මෙන්න මේ වගේ කතාවකුයි ” මේ වන විට චිත්‍රපට හතකට විතර මම සම්බන්ධ වෙලා තියෙනවා. ඉදිරියේදී ඒ සියල්ලම දැකබලා ගන්නට පුළුවන්. මේ දවස්වල උදයකාන්ත වර්ණකුලසූරිය අධ්‍යක්‍ෂණය කරන ‘ගිනිමල් පොකුරු’ චිත්‍රපටයට සම්බන්ධ වෙලා ඒ වැඩකටයුතුත් කරගෙන යනවා.” කියලයි

කොහොම නමුත් ඇය සිනමාව තුළ ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගියපු රංගන ශිල්පිනියක් ඉතින් ඇය ජනප්‍රියත්වය රඳවා ගැනීම පිළිබඳ කියලා තිබුනේ ” මම එහෙම වැඩ බදාගෙන කරන්නේ නැහැ. එක නිර්මාණයක් වෙනුවෙන් උපරිම කැප වෙනවා. මොකද එහෙම එකදිගට වැඩ කරන්න ගියාම ගොඩාක් අපහසුයි. කරන වැඩේවත් හරියට කරන්න බැරි වෙනවා.” යනුවෙනුයි

මේ කෙටි කාලය තුළ සිනමාවේ දැවැන්තයින් සමග වැඩ කිරීම ගැන ඇය කියන්නේ ‘දේදුනු ආකාශයේ’ චිත්‍රපටයෙන් පටන් ගත්තාට පස්සේ මේ ක්‍ෂේත්‍රයේ සුවිශේෂී නිර්මාණකරුවන්ගේ නිර්මාණ සඳහා මාව තෝරාගත්තා. අවුරුදු හතරක පමණ කාලයක් තුළ මට මෙවැනි පුද්ගලයන් සමග වැඩ කරන්න ලැබීමත් වාසනාවක් කියලයි මම හිතන්නේ.” කියලයි. ඉතින් අද අපි සුරූපී රංගන ශිල්පිනියගේ සුන්දර ජායාරූප පෙළක් මේ විදිහට අරගෙන එනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top