නයෝමි තක්ෂිලා

“මම ඕනතරම් පොඩි පොඩි චරිත කරලා තියෙනවා” ජනප්‍රිය රංගන ශිල්පිනී නයෝමි තක්ෂිලා

නයෝමි තක්ෂිලා කියල කියන්නේ මේවන විට ලාංකිකයන් බොහෝදෙනෙකු අතර ජනප්‍රියත්වයට පත් දක්ෂ රංගන ශිල්පිනියකි. ඇත්තෙන්ම නිහතමානී චරිතයක් වන ඇයට හිමිව තිබෙන ප්‍රේක්ෂක ආදරය කොතරම්ද කියනවානම් ඇය තමයි වසරේ වැඩිම පිරිසගේ ආදරය දිනාගත් ටෙලි නාට්‍ය නිළිය ලෙස සම්මාන හිමිකර ගන්නේ

කොහොමහරි ඉතින් අනුරාධපුරයේ නෙල්ලිකුලම කියන ගම්මානයේ ඉඳන් 2013 වසරේ කොළඹට එන ඇය ටවර්හෝල් පදනමේ නාට්‍ය හා රංග කලා උපාධිය හැදෑරීමට සුදුසුකම් ලබා ගන්නවා. එලෙස සුදුසුකම් ලබාගත් ඇය උපාධිය හදාරා අවසන් කොට අකලංක සපුමල් ගේ ” හිනාවෙලා හේතුවක්” යන වේදිකා නාට්‍යයට රංගන දායකත්වය ලබා දෙනවා

කොහොම නමුත් ඒ රංගනයේ කුසලතාවය නිසාවෙන්ම ඇය 2015 වසරේදී යෞවන සම්මාන උළෙලේ හොඳම නිළිය සම්මානයෙන් පිදුම් ලබනවා. පසුව 2016 වර්ෂයේ දී රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිළියට ඇගේ නම නිර්දේශ වීමත් සමග තමයි ඇය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ

කොහොමහරි ඉතින් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට පැමිණි ඇය මුල්ම කාලයේ දී තමන් ලබපු අත්දැකීම් පිළිබඳ කියලා තිබුනේ මෙන්න මෙහෙම කතාවකුයි ” මට මුලින් ප්‍රධාන චරිත ලැබුණෙ නැහැ. මම ඕනතරම් පොඩි පොඩි චරිත කරලා තියෙනවා. උදාහරණයක් විදිහට මුළු නාට්‍යයේම එක දර්ශනයක් පමණක් රඟපාන චරිත කරලා තියෙනවා. පොඩි තැනකින් ආවහම තමයි මේ වගේ දිනුම කදී ලොකු වටිනාකමක් දැනෙන්නේ.” කියලයි

කොහොම නමුත් කුඩා කාලයේ සිටම හින්දි නිළියක් වෙන්න ආසාවෙන් හිටපු නයෝමි අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයට ඇතුලත් උනාට පස්සේ තමයි නාට්‍ය හා රංග කලාව විෂයක් වශයෙන් හදාරා තිබෙන්නේ. ඉතින් මේ වෙද්දී
මේ වෙද්දි ඇය ජනප්‍රිය නිළියක් ලෙස සිය රංගන දායකත්වය දක්වන ටෙලි නාට්‍ය හයක් පමණ පුංචි තිරයේ විකාශය කෙරෙනවා. එලෙස විකාශය කෙරෙන ටෙලි නාට්‍ය අතුරින් ලාංකීය ප්‍රේක්ෂකයන් වැඩි පිරිසක් ආදරේ කරන්නෙ නීල පබලු ටෙලි නාට්‍යයේ නයෝමි රඟදක්වන චරිතයට කිව්වොත් නිවැරදියි

ඉතින් ක්ෂේත්‍රය තුළ අද තියෙන ස්ථාවරත්වය හදාගන්න ජීවිතය තුළ නොයෙකුත් කැපකිරීම් කළ බව කියන ඇය ඒ පිළිබඳ කියල තිබුනේ මෙන්න මේ වගේ කතාවකුයි “අපි අවුරුදු දෙකක් ඉගෙන ගන්න කාලෙ ඉතා දුෂ්කර ජීවිතයක් ගත කළා.

අපි කොළඹ ජීවත් වුණේ. ගෙදරින් දෙන මුදල් ටිකෙන් සල්ලි ඉවර උනහම මෙහෙ සල්ලි ඉල්ල ගන්න කෙනෙක් නැහැ. බස් එකේ යන්න සල්ලි නැතුව පයින් ගිහින් තියෙනවා. රෑට බෝඩිම් වල බත් කන්න ව්‍යංජන නැති උනහම රෑට පවා කිරිබත් හදාගෙන කාලා තියෙනවා. එහෙම කට්ටක් කාලා තමයි මෙතනට ආවේ.” කියලයි

මේ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය සිය ඉදිරි බලාපොරොත්තුව ලෙස පෙන්වා දී තිබුනේ ඉදිරියේදී ක්ෂේත්රය තුළ ජනතාවට අමතක නොවන චරිතාංග නිළියක් ලෙසින් නිර්මාණ තුළින් ප්‍රේක්ෂකයන් හමුවට ඒම යි. ඉතින් අද අපි මේ දක්ෂ රංගන ශිල්පිනියගේ සුන්දර ජායාරූප පෙළක් මේ විදිහට අරගෙන එනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top