කොවිඩ් වසංගතය හමුවේ මතුවී ඇති ආර්ථික අර්බුදයෙන් රට මුදාගැනීම සඳහා සහාය වන ලෙස විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කරන්නේ, ශ්‍රී ලාංකිකයන් මව්බිමට එවන සෑම ඩොලරයකටම පවතින මිලට වැඩිපුර රුපියල් දෙකක මුදලක් ගෙවීමට ද මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇති බවයි. ඉතාලියේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් අතර පැවති හමුවකදී විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
