” මං හැම තැනම යන්නේ මගේ අම්මත් එක්ක” මේ දවස්වල හැමෝගෙම ආදරය හිමිකර ගත්තු සුදු මැණිකේ

ලාංකීය කළා ක්ෂේත්‍රයට දවසින් දවස නවක රංගන ශිල්පීන් වගේම ශිල්පිනියන් රැසක් එක්වෙනවා. ඇත්තෙන්ම මේවන විට එලෙස කලා ක්ෂේත්‍රයට නවකයින් රැසක් එක්ව සිටින අතර ඔවුන් අතරින් බොහෝදෙනෙකු තරුණ පරම්පරාව අතර ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.

කොහොම නමුත් කාලයක් තිස්සේ කළා ක්ෂේත්‍රයේ නමක් දිනාගත් මේ දිනවල නිතරම දකින්න ලැබෙන සුරූපී රංගන ශිල්පිනියක් තමයි අමන්දා ජයරත්න කියල කියන්නේ. මේ අතර ඇයව අපට වර්තමානයේ ‘සිත්’ , ‘සිදූ’, ‘ආලියා’ හා ‘තාදි’ කියන ටෙලි නාට්‍යය තුළින් දැකගන්නට ලැබෙනවාකොහොමහරි ඉතින් මේ යොවුන් රංගන ශිල්පිනියට තවත් ටෙලිනාට්‍ය කිහිපකට ආරාධනා ලැබී තිබෙන බවයි අපට දැනගන්නට ලැබුණේ.

ඒ කොහොම වුනත් මේ දිනවල ඇය පිළිබඳ හැමෝම කතාවන්නේ ඇය රංගනයෙන් දායකත්වය දක්වන හිරු නාලිකාවේ විකාශය කෙරෙන ‘රැල්ල වෙරළට ආදරෙයි’ අලුත්ම ටෙලි නාට්‍ය නිසාවෙනුයි. ධීවර ගමක් වටා ගෙතී තිබෙන මේ කතාවේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වන අමන්දා වීරවර්ධනගේ ආදරණීය දියණියයි. ඇගේ නම සත්‍යා වන අතර සත්‍යාට වැල්ලේ ධීවර තරුණයෙක් වන ශිවා ආදරය කරනු ලබනවා

ඉතින් ශිවා – සත්‍යා ආදර කතාව රැල්ල වෙරළට ආදරෙයි කියන ටෙලි නාට්‍ය හරහා දිග හැරෙනවා. ඇත්තෙන්ම මෙම ටෙලි නාට්‍යට විශාල ලෙස ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන බවයි අපට දැනගන්නට ලැබුණේ. කොහොම නමුත් අමන්දා කියල කියන්නේ මේ වනවිට ගොඩක් ජනප්‍රිය චරිතයක්, මේ අතර පසුගිය කාලයේ ලංකාවේ අතිශය ජනප්‍රියත්වයට පත් මියුසික් වීඩියෝ ගණනාවකටම ඇය රංගන දායකත්වය දක්වපු අතර ඇය ලංකාවේ ට්‍රෙන්ඩින් වන් වුන ‘ඉතින් කෝ’ කියන ගීතයටත් රංගනයෙන් දායකත්වය ලබාදුන්නේ ඇයයි

මේ අතර කළා ක්ෂේත්‍රයේ ඉන්න බොහෝමයක් තරුණ රංගන ශිල්පිනියන්ට විවිද ආකාරයේ කට කතා හැදෙනවා. නමුත් තවමත් එලෙස කටකතාවක් හදාගත්තේ නැති නිලියක් තමයි අමන්දා කියල කියන්නේ. ඉතින් ඒ ගැන ඇය කියන්නේ මෙන්න මේ වගේ කතාවකුයි ”ඇත්තටම මට තවම කටකතා බොරු ගොසිප් හැදිලා නැහැ.

කටකතා හැදුණත් මට මාව ෂුවර් නම් ගැටලුවක් නැහැනෙ. මං හැම තැනම යන්නේ මගේ අම්මත් එක්ක. අම්මා මා ගැන ගොඩක් අවධානයෙන් ඉන්නේ. ඒක නිසා හොඳ ආරක්ෂාවකුත් මට ලැබෙනවා. ඒ ගැන මට බයවෙන්න දෙයක් නෑහැ” කියලයි

ඉතින් මේවෙනකොට පුංචි තිරයේ ජනප්‍රියත්වයට පත් ඇය ඉදිරියේදී රිදී තිරයටත් සම්බන්ද වෙන්න කැමැත්තෙන් ඉන්නවා කියලයි අපට දැනගන්නට ලැබුණේ. ඉතින් ඇය ඒ පිළිබඳ කියල තිබුනේ මෙන්න මේ වගේ කතාවකුයි ”සිනමාවට සම්බන්ධ වෙන්න නම් ආරාධනා ගණනාවක්ම ආවා. ඇත්තම කියනවනම් මට රඟපාන්න ලැබුණ චරිත පිළිබඳව මට සැහිමට පත් වෙන්න බැහැ.

ඉතින් හොඳ චිත්‍රපටයක හොඳ චරිතයක් ලැබුණොත් මම භාරගන්නවා.” කියලයි. ඉතින් වර්තමානයේ ලාංකීය ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් රංගන ශිල්පිනී අමන්දා ජයරත්නගේ සුන්දර පින්තූර කිහිපයක් අපි අද මේ විදිහට අරගෙන එනවා

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top