ඉන්දියාව ශ්‍රී ලංකාව අතර නවතම සංස්කෘතික තානාපතිනිය යොහානි

ගායන ශිල්පිනී යොහානි ද සිල්වා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නවතම සංස්කෘතික තානාපතිනිය වී ඇති බව ඉන්දියාව පවසනවා. යොහානි ද සිල්වා පසුගියදා ඉන්දියාවේ NDTV ඇතුළු රූපවාහිනි නාළිකාවන් සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් සතුට පළකරමින් ට්විටර් පණිවිඩ නිකුත් කරමින් කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මේ බව පවසා තිබෙනවා.

Read More

පිලිපීන ජනාධිපතිවරණයට බොක්සිං ශූරයෙක්

2022 වසරේ පිලිපීන ජනාධිපතිවරණය සඳහා තමා තරග කිරීමට සුදානම් බව පිලිපීන බොක්සිං ශූර මැනි පැකියෝ පවසනවා. පාලක පක්ෂයේ දේශපාලන කණ්ඩායමක් විසින් ඔහු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීමට මේ වන විට සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මැනී පැකියෝ මේ වන විටත් පිලිපීන පාර්ලිමේන්තුවේ සෙනට් සභිකයෙකු ලෙස ද කටයුතු කරමින් සිටිනවා.

Read More

අගමැති යළි දිවයිනට පැමිණෙයි

ඉතාලි සංචාරය නිමා කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යළි දිවයිනට පැමිණ තිබෙනවා. ඉතාලියේ Bologna විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන අන්තර්ජාතික සමුළුවක ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා අගමැතිවරයා පසුගියදා ඉතාලිය බලා පිටත්ව ගියා.

Read More
IPL

ගයික්වඩ්ගේ හුදෙකලා සටන චෙන්නායි පිලට ලකුණු 20ක පෙරළිකාර ජයක් ගෙන එයි

රුටුරාජ් ගයික්වඩ්ගේ සටන්කාමී හුදෙකලා පිතිහරඹය හා පන්දු යවන්නන්ගේ දක්ෂතා හේතුවෙන් 2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 30 වන තරගයෙන් පෙරළිකාර ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද(19) සමත් වුණා. ඩුබායි හි පැවැති තරගයේ දී ඔවුන් හමුවේ ලකුණු 20කින් පරාජයට පත් වූයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි. මෙවර අයි.පී.එල් තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අදියර ආරම්භ කරමින් පැවැති…

Read More
Wanidu

වනිදුගේ RCB පිල අද තරග බිමට; අද තරගයට ක්‍රීඩා කළ හැකි විදෙස් ක්‍රීඩකයින් සිව් දෙනා මෙන්න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 31 වන තරගය අද(20) පැවැත්වෙනවා. ඒ, විරාට් කෝලි නායකත්වය දරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා ඔයින් මෝර්ගන් නායකත්වය දරන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතරයි. තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට අබුඩාබි හී දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. බැංගලෝර් සංචිතය සදහා ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර හා දග පන්දු…

Read More
Back To Top