ගායන ශිල්පිනී යොහානි ද සිල්වා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නවතම සංස්කෘතික තානාපතිනිය වී ඇති බව ඉන්දියාව පවසනවා. යොහානි ද සිල්වා පසුගියදා ඉන්දියාවේ NDTV ඇතුළු රූපවාහිනි නාළිකාවන් සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් සතුට පළකරමින් ට්විටර් පණිවිඩ නිකුත් කරමින් කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මේ බව පවසා තිබෙනවා.
