ලංකාවේ අපේ කලා ක්ෂේත්රය තුළ කාලයක් නොමැකෙන චරිතයක් බවට පත්ව සිටි ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි සසන්ති ජයසේකර කියල කියන්නේ. ඇත්තෙන්ම ඇය ටෙලිනාට්‍ය ක්ෂේත්රය තුළ මෙන්ම සිනමා ක්ෂේත්රය තුළත් ජනප්‍රිය චරිතයක් බවට පත්වුණා
කොහොම නමුත් මේ වෙද්දී නම් මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය දිවි ගෙවන්නේ ලංකාවේ නොවෙයි. ඇත්තෙන්ම ඇය මීට වසර ගණනාවකට පෙරදී එංගලන්තයේ පදිංචිය සදහා යන අතර ඇය එරට සුදු ජාතික තරුණියෙකු සමගින් විවාහ වෙනවා. එලෙස ඔහුත් සමගින් විවාහවන ඇය එරට සතුටින් කාලය ගතකරන අතර ඇය මේවෙනකොට පුතෙකුගේ ආදරණීය මවක් වෙනවා
කොහොම නමුත් ඇගේ පවුලේ ඇයට සහෝදරයන් දෙදෙනෙකු සිටින අතර ඔවුන් අතරින් බාලම සහෝදරයා සමගින් ඇය එංගලන්තයේ කාලය ජීවත් වුණා. ඇත්තම කියනවානම් බාල සහෝදරයා සහ සසන්ති අතර තිබුනේ පුදුමාකාර සහෝදර බැදීමක්. ඒ නිසාම සසන්ති හැම වෙලාවෙම වගේ කියා සිටියේ ඔහු මගේ බාල මල්ලි නෙමෙයි මේ මගේ වැඩිමහල් පුතා කියලයි
ඉතින් එලෙස ඉතාමත් සතුටින් සිය සහෝදරයා සමගින් කල්ගත කළ සසන්තිට ශෝක දායි අවස්ථාවකට මුහුණ පෑමට සිදුවෙනවා. ඒ ඔවුන් සමගින් එකට ජීවත් වුණු සසන්තිගෙ ආදරණීය බාල සොහොයුරා එංගලන්තයේ සිදු වූ රිය අනතුරක් හේතුවෙන් ජීවිතයෙන් සමු ගැනීමයි
එලෙස සිය සහෝදරයාගේ නික්ම යාමත් සමග පසුගිය දිනක සසන්ති තමන්ගේ මුහුණු පොතේ සිය ආදරණීය මල්ලි වෙනුවෙන් සංවේදී සටහනක් තබා තිබුණා. එහිදී ඇය සටහන් කර තිබුනේ ඇගේ පවුල මේ වෙද්දි සකස් කරන්න බැරි අයුරෙන් වෙන්ව ගොස් තිබෙන බවත් තමන්ගේ ආදරණීය මල්ලි මේ ලෝකෙන් සමු ගත්තත් යළි උපදින බවයක ඇගේම පුතා වෙලා හෝ ඇගේම සහෝදරයා වෙලා ඉපදෙන්න ඕනි කියලයි
කොහොමහරි ඉතින් ඇය මේ සටහන සිය මුහුණු පොතට එකතු කර තිබුනේ සිය බාල සහෝදරයාගේ ඡායාරූප කීපයක් මුහුණු පොත තුළ එක දිගට මුදා හරිමින් ඇය තමන්ගෙ වියෝ වූ දුක බොහෝ දෙනෙක් සමග බෙදා හදාගත්තා. ඒ වගේම ඇය අවසානයේ ඇය සඳහන් කර සිටියේ මගේ මල්ලි මං එනකං සතුටෙන් පරිස්සමෙන් ඉන්න කියලයි. ඉතින් අපිත් ඇගේ ආදරණීය මල්ලිට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නෙමු