ස්පුට්නික් V කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවේදී නිපදවීමට රුසියාවේ සහාය…

රුසියාවේ විදේශ අමාත්‍ය සර්ගි ලැව්රොව් මහතා සමඟ ඉකුත් ජූනි 07 වනදා පැවැති දුරකථන සංවාදයක් අතරතුරදී රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කර ගැනීමට දක්වන සහයෝගය පිළිබඳව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රුසියානු රජයට ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කළේය. එසේම, ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්ධනය සදහා රුසියාවෙන් ලබා දෙන සහයෝගයද අමාත්‍යවරයා මෙහිදී බෙහෙවින් අගය…

Read More

20-යි-20 ලෝක කුසලාන තරගාවලිය ලංකාවට එයි ද..?

මේ වසරේ 20-යි-20 ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම කෙරෙහි ඉන්දියාවේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ. විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සත්කාරකත්වය දෙන ඉන්දියාවේ මේ වන විට උද්ගත වී ඇති කොවිඩ් වසංගතයේ දරුණු ව්‍යාප්තිය හේතුවෙන් අවිනිශ්චිත තත්ත්වයක පැවැතීම මීට හේතු වී ඇත. විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට රැගෙන යෑමටද අවධානය යොමු වී…

Read More

වත්තල හා ජා-ඇල අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට යයි

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සඳහන් කලේ පසුගිය දිනවල ඇද හැලුනු අධික වර්ෂාපතනයත් සමග වත්තල හා ජා ඇල ආසනයන්හි ඇතැම් ප්‍රදේශ ජලයෙන් යටවීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ අනවසර ඉදිකිරීම් බවත් ඒවා කඩිනමින් කඩා ඉවත් කිරීමට පියවර ගන්නා බවයි. එම ප්‍රදේශයන් ජලයෙන් යටවීම වැලැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග පැහැදිලි කරමින් රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ (08) අමාත්‍යාංශයේ පැවති සාකච්ජාවකදී එලෙස…

Read More

නව තෙල් පිරිපහදුව රටේම ඉල්ලීමක් – මෙය ඉතිහාසයේ දැවැන්තම ව්‍යාපෘතියක්

කවුරු කෙසේ කිවුවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමක් සිදු නොවන බවත් නව තෙල් පිරිපහදුවක් ඉදි කිරීම රටේම ඉල්ලීමක් බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ ලක් ඉතිහාසයේ දැවැන්තම ව්‍යාපෘතිය ලෙසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන නව තෙල් පිරිපහදුවක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනුම්වත්…

Read More

කොරෝනා නොතකා හෝටලයක උපන්දින සාදයක් !

හෝටලයක උපන්දින සාදයක් පැවැත්වීම හේතුවෙන් කාන්තාවන් පස්දෙනෙකු ඇතුලූ දස දෙනකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය සඳහන් කරයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර කැස්බෑව හැඩිගල්ල ප්‍රදේශයේ හෝටලයේ හිමිකරු වෙයි. පොලිසිය සඳහන් කරන්නේ මෙම පිරිස සතුව ගංජා, දුම්වැටි ආදියද තිබූ බවයි. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Read More

‘එක්ස්ප්‍රස් පර්ල්‘ නෞකාවෙන් අපද්‍රව්‍ය කිලෝ ලක්ෂ 10 ක් ‍වෙරළේ

ලංකා මුදුහු සීමාවේදී ගිනිගෙන විනාශ වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් මුහුදට පෙරළුණු බහලුවලින් වෙරළ ගොඩගැසූ අපද්‍රව්‍ය ටොන් 1000 (කිලෝ ලක්‍ෂ 10) පමණ මේ වන විට එකතු කර ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා පැවසීය. මෙම අපද්‍රව්‍යවලින් වැඩි තොගයක් කන්ටේනර් 41 ක් තුළ වත්තල ප්‍රදේශයේ බලපත්‍ර සහිත කන්ටේනර් අංගනයක තාවකාලිකව ගබඩා කර ඇති බවත්…

Read More

ඇනෝනිමස්වරු එලොන් මස්ක් වෙත තර්ජනය කරයි.

ලොව විශාලතම වයිට් හැට් හැකර් කන්ඩායම වන ඇනෝනිමස් කන්ඩායම බිට්කොයින් හී වටිනාකම හැසිරවීම සම්බන්දයෙන් එලොන් මස්ක් වෙත තර්ජනාත්මක වීඩියෝවක් නිකුත් කර තිබේ . එහි දැක්වෙන්නෙ එලොන් මස්ක් ගේ ටුවීට් මගින් ක්‍රිප්ටෝ වෙලදපලට බලපෑම් ඇති වන බවත් ඒ මගින් ඔහු බොහෝ ජීවිත විනාශ කර ඇති බවත්ය . තවද ඔවුන් විසින් “ඔබ සිතන්නෙ ඔබේ කාමරයේ සිටින දක්ශම…

Read More

සැමුවෙල් ශ්‍රී ලංකාවට “SORRY” කියයි

එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව හිමි ‘එක්ස්ප්‍රස් ෆීඩර්’ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි සැමුවෙල් යොස්කෝවිච් විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කලේ “එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ විනාශය හේතුවෙන් ශ්‍රී ලංකා ජනතාවගේ ජීවන වෘත්තියට සහ පාරිසරික සාධකයන්ට වූ හානිය සම්බන්ධයෙන් සිය සමාගම කනගාටුව ප්‍රකාශ කරමින් සමාව ඉල්ලා සිටින බවයි. සිංගප්පූරුවේ ‘චැනල් නිව්ස් ඒෂියා’ රූපවාහිනි සේවය සමඟ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්…

Read More

ප්‍රචණ්ඩත්වය ඇවිස්සූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ FACEBOOK, INSTAGRAM වසර 02කට අත්හිටුවයි

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය ගිණුම් වසර 02 කට අත්හිටවූ බව ෆේස්බුක් සමාගම නිවේදනය කර තිබේ. ඒ ජනවාරි 06වනදා කැපිටල් හි මාරාන්තික කැරැල්ලට පෙර ට්‍රම්ප් ප්‍රචණ්ඩත්වය ඇවිස්සූ බව සොයා ගැනීමෙන් පසුවයි. එම අත්හිටුවීම 2023 වසරේ මුල් භාගය වන තෙක් ලිහිල් කිරීමක් සිදු නොකරන බවත් ෆේස්බුක් සමාගම සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අත්හිටුවීම අවසානයේ ට්‍රම්ප්ගෙන්…

Read More

දුෂ්මන්ත චමීර වේගයෙන් 27කින් ඉදිරියට

ICC නවතම එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පන්දු යවන්නන් අතරේ ස්ථාන 27කින් ඉදිරියට ඒමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සමත් වෙයි. නිමා වූ බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයේදී දැක්වූ දස්කම් හේතුවෙන් මෙලෙස ඔහු ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබේ. තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රේණිගත කිරීම්වල 72 වැනි ස්ථානයේ පසු වූ 29 හැවිරිදි චමීර තෙවැනි…

Read More
Back To Top