Lanka Latest news sit

වෛරස් උණට ගත් ඖෂධ විෂ වීමෙන් සිසුවෙකු ජීවිතක්ෂයට

Lanka Latest news sit

වෛරස් උණ රෝගයක් සඳහා පෞද්ගලික බෙහෙත් ශාලාවකින් ප්‍රතිකාර ලබාගත් පාසල් සිසුවෙකු හදිසියේ මියගිය පුවතක් බේරුවල – අකුරැස්ස පාර ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මිය ගිය සිසුවාගේ පියා චෝදනා කරන්නේ, ඖෂධ විෂවීමකින් තම දරුවා ජීවිතක්ෂයට පත්වූ බව යි. මෙලෙස මියගොස් ඇත්තේ බේරුවල – වලතර – අකුරැස්ස පාර ප්‍රදේශයේ පදිංචි විදූෂ රන්දුනු නැමති 11 හැවිරිදි පාසල් සිසුවෙක්.

මොහු හදිසියේ ඇති වූ උණ රෝගී තත්ත්වයක් සඳහා බේරුවල ප්‍රදේශයේ පෞද්ගලික බෙහෙත් ශාලාවකින් මීට දින කිහිපයකට පෙර ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා.

එම බෙහෙත් ශාලාවෙන් වෛරස් උණ සඳහා දුන් ඖෂධ ලබා ගැනීමෙන් අනතුරු ව මෙම දරුවාගේ මුහුණේ සහ ශරීරය පුරා කළු පැහැති ලප මතු වීම හේතුවෙන් නැවතත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට යි දෙමව්පියන් තීරණය කළේ.මිය ගිය විදූෂ රන්දුනු බේරුවල වලතර කණිෂ්ඨ විද්‍යාලයේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දරුවෙක්.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූ රන්දුනු සිසුවාගේ ශරීර කොටස් වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට යි පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ කළුතර – නාගොඩ රෝහලේ බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top