පසුගිය මාස 6 කට සාපේක්ෂව කරවල මිල 35%ත් 40%ත් අතර ප්‍රතිශතයකින් අඩුවී ඇති බව කරවල ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව දේශීය සහ විදේශීය කරවල තොග නිසි පරිදි ලැබීම හොඳ අස්වැන්නක් ලැබීම හේතුවෙන් සැළකිය මට්ටමකින් කරවල මිල අඩුවී ඇති බවයි එම සංගමයේ උප සභාපති ආර්.ජී. විල්සන් සඳහන් කළේ.
පසුගිය කාලයේ පැවති ඩොලර් හා ඉන්ධන ගැටලුව හේතුවෙන් දේශීය ධීවර කර්මාන්තයට බලපෑම් එල්ල වූ බවත් කෙසේ නමුත් මේ වන විට දේශීය වශයෙන් හොඳ අස්වැන්නක් පැමිණෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.