ශෙහාන් කරුණාතිලක විසින් රචනා කරන ලද The Seven moons of Maali Almeida නම් නවකතාව මෙවර බුකර් සම්මානය දිනාගෙන තිබෙනවා.
බුකර් සම්මානය හැඳින්වෙන්නේ ග්‍රන්ථකරණයේ යෙදෙන්නන් හට හිමිවන නොබෙල් ත්‍යාගයට සමාන අගය කිරීමක් ලෙසයි.
ඔහුගේ පලමු ග්‍රන්ථය වූ Chinaman කෘතිය ද ඉමහත් පාඨක ප්‍රසාදය දිනාගත්තා.
” වංචාව, දූෂණය, ජාතිවාදය අපට කිසිවක් ලබාදී නැහැ. මේ මතවාද කරපින්නාගෙන අපට වැඩි දුරක් යාමට නොහැකි බව නුදුරේදීම ශ්‍රී ලංකාව වටහා ගනු ඇති ”
සම්මානය හිමිකරගැනීමෙන් අනතුරුව පැවැත්වූ කතාවේදී ශෙහාන් කරුණාතිලක පවසා සිටියා.