Lanka Latest news site (7)

බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස රිෂි සුනක් පත්වෙයි

Lanka Latest news site (7)

 

වසර 200කට පසු බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වන ලාබාලතම පුද්ගලයා ලෙස සැලකෙන 42 හැවිරිදි රිෂි සුනක් මීට ටික වේලාවකට පෙර තුන්වන චාල්ස් රජු මුණගැසුනා.

ඒ බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය නිල වශයෙන් භාරගැනීම සඳහායි. චාල්ස් රජු මුණගැසීමෙන් අනතුරුව බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලන්ඩනයේ ඩවුනින් වීදියේ පිහිටා ඇති අංක 10 දරණ අග්‍රාමාත්‍ය නිල නිවසේ සිට සිය පළමු නිල නිවේදනය නිකුත් කරනු ඇති.

රිෂි සුනක් ඉන්දීය සම්භවයක් හිමි පළමු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා වන අතර තුන්වන චාල්ස් රජු විසින් නිල වශයෙන් පත්වීම භාරදෙන පළමු අග්‍රාමාත්‍යවරයා ද වනවා. දින 45ක කාලයක් බ්‍රිතාන්‍යය පාලනය කළ හිටපු අග්‍රාමාත්‍යවරිය වන ලිස් ට්‍රස් ගේ අසාර්ථක බදු ප්‍රතිපත්තිය සහ පරිපාලන බිඳවැටීම් හේතුවෙන් මෙම ඉන්දීය ආසියානුවාට හිරු නොබසින අධිරාජ්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය දැරීමේ අවස්ථාව හිමිවුණා.

බ්‍රිතාන්‍යයේ සිටින ධනවත්ම පුද්ගලයෙකු වන රිෂි සුනක්ගේ වත්කම් සටහන් වන්නේ බ්‍රිතාන්‍ය පවුම් මිලියන 730ක් ලෙසින්. නව අග්‍රාමාත්‍යවරයා ඉදිරියේ ඇති ප්‍රධානතම අභියෝගය වනු ඇත්තේ නව ප්‍රතිසංස්කරණවාදී බදු ප්‍රතිපත්ති හේතුවෙන් අස්ථාවර වී ඇති බ්‍රිතාන්‍ය ආර්ථිකය නැවත නගාසිටුවීමයි.

ව්‍යාපාරිකයෙකු ලෙස ඉහළ වෘත්තීය සමත්කමක් ඇති රිෂි සුනක් හට එම කාර්යය හොඳින් කිරීමට හැකිවනු ඇති බවටයි බ්‍රිතාන්‍ය දේශපාලන විශ්ලේෂකයින් සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top