Lanka Latest news site (3)

ශ්‍රී ලංකාවේ හොඳ ම විශ්වවිද්‍යාලය බවට පේරාදෙණි විශ්වවිද්‍යාලය නම් කෙරෙයි

Lanka Latest news site (3)

 

ටයිම්ස් උසස් අධ්‍යාපන (Times Higher Education ) ශ්‍රේණිගත කිරීම් අනුව 2023 වසරේ ලොව හොඳ ම විශ්වවිද්‍යාල 501-600 අතර කාණ්ඩයට පැමිණීමට පේරාදෙණි විශ්වවිද්‍යාලය අඛණ්ඩ ව සිවු වැනි වරටත් සමත් ව තිබෙනවා.ඒ අනුව එම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ හොඳ ම විශ්වවිද්‍යාලය බවට පේරාදෙණි විශ්වවිද්‍යාලය මෙම වසරේ දීත් වර්ග කෙරුණා.

ලොව විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් (World University Rankings) අතර ටයිම්ස් උසස් අධ්‍යාපන ශ්‍රේණිගත කිරීමට ඇත්තේ, ඉහළ පිළිගැනීමක්.එම වර්ගීකරණය අනුව දකුණු ආසියාවේ විශ්වවිද්‍යාල අතර 78 වැනි ස්ථානයත් ආසියාවේ 351-400 කාණ්ඩයටත් පේරාදෙණි විශ්වවිද්‍යාලය පත් ව තිබෙනවා.ටයිම්ස් උසස් අධ්‍යාපන ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම ලොව විශාලතම සහ වඩාත් පුළුල් ශ්‍රේණිගත කිරීම්වලින් එකක්. මෙවර ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම සඳහා රටවල් 104කින් ලොව විශ්වවිද්‍යාල 1799ක් සැලකිල්ලට ගෙන ඇති බව යි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top