වහලය මත සවිකරන නව සූර්යබල පද්ධති වෙනුවෙන් ලබාදෙන ගාස්තු සංශෝධනයට අනුමැතිය හිමිවී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඒ අනුව පැවැති රුපියල් 22 ක සහ රුපියල් 15.50ක ස්තර දෙකක ගාස්තු ක්‍රමය වෙනුවට කිලෝවොට් 500ට අඩු නව පද්ධතිය වෙනුවෙන් රුපියල් 37ක සහ කිලෝවොට් 500ට වැඩි නව පද්ධති වෙනුවෙන් රු 34.50ක ස්ථාවර නව ගාස්තුව වසර 20කට ක්‍රියාත්මක වන බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.