Lanka Latest news site (21)

මහ කන්නයට අවශ්‍ය ප්‍රථම යූරියා තොගය රැගත් නෞකාව දිවයිනට

Lanka Latest news site (21)

මෙවර මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 12,500ක් රැගත් පළමු නෞකාව ඊයේ රාත්‍රියේ කොළඹ වරායට පැමිණ තිබෙනවා.

මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර මිල දී ගැනීම සඳහා ඉදිරිපත් කළ ප්‍රථම ටෙන්ඩරයට අනුව මෙම යූරියා තොගය ගෙන්වීමට කටයුතු කළ බවයි කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කළේ.

මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර එක්ලක්ෂ විසිදහසක් රැගත් දෙවන නෞකාව නොවැම්බර් මස අවසන් සතිය තුළ දී මෙරටට ළඟා වීමට නියමිතයි.

ලෝක බැංකුව විසින් මෙවර මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර මිල දී ගැනීම සඳහා ඩොලර් මිලියන 110ක මුදලක් ණය වශයෙන් ලබා දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top